අද හවස රටටම තීරණාත්මකයි! ජනාධිපතිගේ පක්ෂ නායක රැස්වීමට විපක්ෂයට එන්න කියයි! විපක්ෂය සූදානම්! ඡන්දය කල්දාන කිසිම දේකට ඉඩ නොදෙන්න තීන්දු කරයි!
අද සවස ජනාධිපතිවරයා විසින් විශේෂ සාකච්ජාවක් සදහා සියලුම පක්ෂ නායකයන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත කැදවීමට පියවර ගෙන ඇත. මෙහිදී පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව දැනගන්නට ඇති අතර මැතිවරණ නීති සංශෝධනය කිරීම සදහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම සම්බන්ධයෙද සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව පැවසේ.
විපක්ෂය නියෝජනය කරමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, ලක්ෂ්මන් කිරිඇල්ල, මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, දයාසිරි ජයසේකර සහ එම්.ඒ සුමන්තිරන් යන මන්ත්‍රීවරුන් ඊට සහභාගී වීමට නියමිතය.
කෙසේවෙතත් පසුගිය දින කිහිපය පුරාම විපක්ෂයේ පිරිස් ආණ්ඩුව වෙත බිලිබාගැනීම සදහා ආණ්ඩුව පාර්ශ්වයෙන් විවිධ යෝජනා සහ වරප්‍රසාද ගණනාවක් විපක්ෂයේ අසුන් ගෙන සිටින මන්ත්‍රීවරුන් වෙත ඉදිරිපත් වූ ආකාරයක් දැකගත හැති විය.
විශේෂයෙන්ම දෙමළ ජාතික සන්ධානය හට බලය බෙදාහැරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා පැමිණෙන ලෙස ජනාධිපතිවරයා විසින් විවෘත ආරාධනාවක්ද කළේය.
මීට අමතරව ස්වාධීනව සිටින යම් යම් පිරිස් හට පාර්ලිමේන්තුවේ විවිධ කමිටුවල සභාපති ධුර ලබා දීමටද ආණ්ඩුවේ පාර්ශ්වයෙන් යෝජනා පැමිණ තිබිණ.
ඒ අනුව අද සවස පැවැත්වෙන රැස්වීමේදී මැතිවරණය කල් දැමීමට පක්ෂව අදහස් දක්වන පිරිස සහ ඊට එරෙහිව අදහස් දක්වන පිරිස පැහැදිලිවම දැකබලා ගත හැකි වනු ඇති බව දේශපාලන අංශවල මතය වී තිබේ.
කෙසේවෙතත් පසුගිය දින කිහිපය පුරාම විපක්ෂයේ පිරිස් ආණ්ඩුව වෙත බිලිබාගැනීම සදහා ආණ්ඩුව පාර්ශ්වයෙන් විවිධ යෝජනා සහ වරප්‍රසාද ගණනාවක් විපක්ෂයේ අසුන් ගෙන සිටින මන්ත්‍රීවරුන් වෙත ඉදිරිපත් වූ ආකාරයක් දැකගත හැති විය.
විශේෂයෙන්ම දෙමළ ජාතික සන්ධානය හට බලය බෙදාහැරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා පැමිණෙන ලෙස ජනාධිපතිවරයා විසින් විවෘත ආරාධනාවක්ද කළේය.
මීට අමතරව ස්වාධීනව සිටින යම් යම් පිරිස් හට පාර්ලිමේන්තුවේ විවිධ කමිටුවල සභාපති ධුර ලබා දීමටද ආණ්ඩුවේ පාර්ශ්වයෙන් යෝජනා පැමිණ තිබිණ.
ඒ අනුව අද සවස පැවැත්වෙන රැස්වීමේදී මැතිවරණය කල් දැමීමට පක්ෂව අදහස් දක්වන පිරිස සහ ඊට එරෙහිව අදහස් දක්වන පිරිස පැහැදිලිවම දැකබලා ගත හැකි වනු ඇති බව දේශපාලන අංශවල මතය වී තිබේ.
අද හවස රටටම තීරණාත්මකයි! ජනාධිපතිගේ පක්ෂ නායක රැස්වීමට විපක්ෂයට එන්න කියයි! විපක්ෂය සූදානම්! ඡන්දය කල්දාන කිසිම දේකට ඉඩ නොදෙන්න තීන්දු කරයි!
2022-12-13T12:42:00+05:30
Lanka Hot News