නිලධාරිනියන් දෙදෙනා බෙල්ලෙන් ඇල්ලුවේ ස්ථානගත කරන්නයි.. හිරිහැරයක් නොවේ - පොලිස් කොමිසමේ සභාපති
විරෝධතාවක් අතරතුර දී කාන්තා පොලිස් නිලධාරීන් දෙදෙනකු බෙල්ලෙන් අල්ලා ඉදිරියට තල්ලු කිරීම ඔවුනට කළ හිරිහැරයක් ලෙස සැලකිය නොහැකි බව ශ්‍රී ලංකා පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
අදාළ විරෝධතාවයේ යෙදී සිටි කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසියට අවශ්‍යව තිබූ බවත් ඒ සඳහා පොලිස් නිලධාරිනියන් ඉදිරියට යොමු කිරීම ඒ මොහොතේ එම පොලිස් නිලධාරියා සිදුකර ඇති බවත් ඔහු සඳහන් කරයි.
එය හිරිහැර කිරීමක් නොව ස්ථානගත කිරීමක් ලෙස ද පවසන ඔහු නිළධාරිනියන් දෙදෙනාගේ බෙල්ලෙන් අල්ලා ඉදිරියට තල්ලු කිරීම නොකළ යුතු ක්‍රියාවක් ලෙද තමන් සිතන නමුත් එය එම නිළධාරිනියන් දෙදෙනාට හිංසා කිරීමක් සේ නොදකින බවද පැවසීය.
පසුගිය නොවැම්බර් දොළොස් වැනි දා කළුතර සිට කොළඹ දක්වා පාගමනකින් පැමිණෙමින් සිටි කාන්තාවන් දෙදෙනකු පානදුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සිදු වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔහු මෙසේ අදහස් පල කලේය.
එය හිරිහැර කිරීමක් නොව ස්ථානගත කිරීමක් ලෙස ද පවසන ඔහු නිළධාරිනියන් දෙදෙනාගේ බෙල්ලෙන් අල්ලා ඉදිරියට තල්ලු කිරීම නොකළ යුතු ක්‍රියාවක් ලෙද තමන් සිතන නමුත් එය එම නිළධාරිනියන් දෙදෙනාට හිංසා කිරීමක් සේ නොදකින බවද පැවසීය.
පසුගිය නොවැම්බර් දොළොස් වැනි දා කළුතර සිට කොළඹ දක්වා පාගමනකින් පැමිණෙමින් සිටි කාන්තාවන් දෙදෙනකු පානදුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සිදු වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔහු මෙසේ අදහස් පල කලේය.
නිලධාරිනියන් දෙදෙනා බෙල්ලෙන් ඇල්ලුවේ ස්ථානගත කරන්නයි.. හිරිහැරයක් නොවේ - පොලිස් කොමිසමේ සභාපති
2022-12-05T15:28:00+05:30
Lanka Hot News