gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

(EXCLUSIVE) චන්ද්‍රිකා ගැන මෛත්‍රී තීන්දුවක් ගනී! තීන්දුව වෙනස් නොවන බවත් කියලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට කිසිදු අවස්ථාවක තීන්දුවක් නොගන්න බවට ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර ඇතැයි ශ්‍රීලනිප ප්‍රචාරක ලේකම් තිසර ගුණසිංහ මහතා පැවසුවා. 
චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු මෙන්ම අනුශාසකවරියද වන අතර ඇය හිටපු ජනාධිපතිනියක්ද බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය අත්හිටුවීමට හෝ වෙනත් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු නොකරන බවත් එය වත්මන් ශ්‍රීලනිප නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද පෙන්වා දී ඇති බවත් ඔහු කියා සිටියා.

තිසර ගුණසිංහ මහතා සඳහන් කරන්නේ හිටපු ජනාධිපතිනිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව කටයුතු කළද කිසිදු අවස්ථාවක විනය පරීක්ෂණයක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා තීරණය කර ඇති බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායකයින් විසින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට එරෙහිව පෙරේදා (03) විරෝධතාවයක් පැවැත්වුණා.

ඊට අත්තනගල්ල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, ශාඛා සමිති නායකයින් ඇතුළු පිරිසක් ඵක්ව සිටයා.

අත්තනගල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාල පරිශ්‍රයේ සිට හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය දක්වා ඔවුන් පෙළපාලියකින් පැමිණ විරෝධතාවයේ නිරත වී තිබුණා.

- ඒෂියන් මිරර්


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka