gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොල්ලුපිටියෙදි අනතුර වෙලා කෙනෙක් මැරුණෙ උදේ 6.15ට! බෙන්ස් එක එළවපු 26 හැවිරිදි හිමිකරු 9.55ට ඩුබායිවලට ගිහින්! ඇක්සිඩන්ට් එක වුණේ මුලු රෑම බීලා පාන්දර තවත් බොන්න ක්ලබ් එකකට යද්දි!

කොල්ලුපිටිය ගාලු පාරේ දී සුඛෝපභෝගී මෝටර් රථයක් ත්‍රිරෝද රථයක ගැටී ත්‍රිරෝද රථය රියදුරයකු මියයාමේ සිද්ධියට අදාලව මෝටර් රථය එම ස්ථානයේ දමා පලාගිය (26) හැවිරිදි මෝටර් රථ රියදුරු මෙන්ම රථ හිමිකරු එදිනම  ඩුබායි රාජ්‍ය බලා පලාගොස් ඇති බව  තොරතුරු අනාවරණය වේ. 
මෙම අනතුර ඉකුත් (10) දින පෙරවරු 6.15 ට පමණ සිදුව ඇති අතර, අනතුරින් පසු මෝටර් රථය  එම ස්ථයේදීම දමා පලාගොස් ඇති සැකකරු එදින පෙරවරු 9.55 ට පමණ කටුනායක  ගුවන්තොටින්   ඩුබායි රාජ්‍ය බලාගොස් ඇති බවට වාර්තා වන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම සැකකරු (26) හැවිරිදි   පුද්ගලයකු වන අතර  ඩුබායි රාජ්‍යයේ රැදී සිටිමින් ව්‍යාපාරවල නිරත වන බවත්  දින කිහිපයක නිවාඩුවක් සදහා මොහු දින කිහිපයකට පෙර  මෙරටට පැමිණි ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

ඩුබායි සිට නිවාඩුවට පැමිණීමේ සතුටට ඔහු සිද්ධි වු දින සිය මිතුර මිතුරියන්  පිරිසකට මේ අයුරින්  මත්පැන් සාදයක් පවත්වන්නට ඇති බවට පොලිසිය සැකකරයි.

කාන්තාවන් තිදෙනකු ඇතුලු පස් දෙනකුගෙන් සමන් විත පිරිසක් රාත්‍රි සමාජ ශාලා තුනකින් මත්පැන් පානය  කර  තවත් මත්පැන් පානය කිරීම සදහා කොළඹ තරු හෝටලයක් වෙත යමින් සිටියදී   ඉකුත් (10) දින  පෙරවරුවේ රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව   මෙම අනතුරු සිදුව ඇති බව පොලිසිය කියයි.

සිද්ධියෙන් සැකකරු අත්අඩංගුවට පත්වීම වලක්වමින් ඔහු මෙලෙස රටින් පලාගොස් ඇති බවද පොලිස් ආරංචි මාර්ග කියයි.

සිද්ධියෙන් බරපතල තුවාල ලබා මියගොස් සිටි ත්‍රිරෝද රථ රියදුරු කහතුඩුව ප්‍රදේශයෙ පදිංචි ඩ්‍රෑමන් නූර්ඩීන් තුවාල් (58) හැවිරිදි  පුද්ගලයකු බවද පොලිසිය පවසයි.‍

රටින් පලා ගොස් සිටින  රථයේ රියදුරු කෝටිපති ව්‍යාපාරිකයකු බවත්, සැකකරුට අයත් මරදාන, දෙහිවල සහ  වැල්ලම්පිටියේ නිවසේ දෙකක පරික්ෂාවට ලක් කළ ද සැකකරු එම නිවසේ වල නොසිටි බව පොලිසිය කියයි.

සිද්ධිය  සම්බන්ධයෙන්  පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  නිහාල් තල්දූව මහතාගේ කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ  මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියා මාර්ග ගෙන ඇති බවත්, අධිකරණයෙන් නියෝග  ලබාගෙන  ජාත්‍යන්තර පොලිසිය  හරහා සැකකරු මෙරටට ගෙන්වා ගැනීමට  කටයුතු කරන බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka