gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘ගෝටා අයියට මං මරණ මංචකයේ වත් සමාව දෙන්නේ නෑ’ කියා බැසිල් කියලා!

‘මහාචාර්ය ජී එල් පීරිස් හිටපු ඇමැතිතුමා කිව්වා බැසිල් රාජපක්ෂ මහත්තයා දවසක් එයාත් එක්ක කිව්වලු මාව අමාත්‍යධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය අයියට මම මරණ මංචකයේ වත් සමාව දෙන්නේ නෑ කියලා’ යයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. 
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ උත්තර ලංකා සභාගයේ ගාලු දිසා සමුළුව අමතමිණි. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායකයා මෙසේ අදහස් දැක්වීය.

අප කුඩා කාලයේ අසා ඇති කතාවක් තමයි වැඩ බැරි උනත් ගම ගාල්ලෙ කියන කතාව. ගාල්ලේ ඉන්නේ වැඩ කාරයෝ තමයි. වැඩ බැරි කෙනෙක් හිටියත් ගම ගාල්ලෙ කිව්වම පොඩි වටිනාකමක් ලැබෙනවා කියන එක තමයි ඒ කතාවේ තේරුම.

ශ්‍රීමත් එමර්සන් ටෙනන්ට් මහතා කියනවා මීට වසර 4900 කට කලින් අරාබියෙ රජකළ සොලමන් රජතුමාට කුරුදු, මොනරුන්, සහ ඇත්දළ සැපයූයේ ලංකාවේ ගාලු වරායෙන් කියලා. ඒ කියන්නේ මේ ගාල්ලට, අපේ ශ්‍රී විභූතියේ උච්චතම ස්ථානය ලෙසින් හඳුන්වන අනුරාධපුර නගරයටත් වඩා දීර්ඝතම ඉතිහාසයක් තියෙනවා. අනුරාධපුර නගරය වසර 2600යි. ගාල්ල 4900 යි. ඒ වාගේම රාමායණයට නිහඬ සාක්ෂි සපයන රූමස්සල තියෙන්නේ ගාල්ලේ. අපේ නිදහස් අරගලයේ විරුවන් බිහිකළේ ගාල්ලේ. මාර්ටින් වික්‍රමසිංහ, අරිසෙන් අහුබුදු වගේ දැවැන්ත සාහිත්‍යධරයන් බිහි කළේ ද ගාල්ල. බෞද්ධ පුනර්ජීවනයේ මහගු කාර්යක් සිදු කල හික්කඩුවේ සුමංගල නා හිමියන් වැනි නායකයන් බිහි කළේ ගාල්ල. අතිදක්ෂ පුද්ගලයන් රැසක් බිහිකළ මහින්ද විදුහල තියෙන්නෙත් ගාල්ලේ. පිට රටවල ජනාධිපතිවරුන් පවා බිහිකළ බොනොවිස්ටා විදුහල තියෙන්නෙත් ගාල්ලේ. එහෙව් ගාල්ලට අද අපි ආවේ උත්තර ලංකා සභාගය විදියට පවතින අර්බුදයට විසඳුම් හොයන්න.

අර්බූදයේ සැබෑ හේතුව කුමක් ද?

එකිනෙකාට චෝදනා කිරීමෙන් වැඩක් නැහැ. මේ අර්බූදය විසඳිය හැක්කේ අර්බූදයට හේතු හොයලා මේවා විසඳන උත්තර හොයා ගැනීමෙන් පමණයි කියන පණිවිඩය ලබා දෙන්න. අපි දන්නවා දුකක් තියෙනවා නම් දුකයි දුකයි කියලා හඬා වැටුණට දුක නැති වෙන්නෙ නැහැ. දුකට හේතුව හොයා ගත්තොත් විතරයි අපට දුකින් මිදීමේ මාර්ගය පාදා ගන්න පුළුවන් වෙන්නේ. මේ අර්බූදය අපට දුකක්. මේ අර්බූදය සඳහා හේතුව අපි හඳුනා ගන්නේ නැතුව අර්බූදයෙන් ගොඩ යන්න විදිහක් නැහැ. සමහරු කියනවා හොරකම නිසා මේ අර්බූදය ඇතිවුනා කියලා. නමුත් 1948 නිදහස ලැබුණු දා ඉදන්ම අඩු වැඩි වශයෙන් දූෂණය තිබ්බා. 77න් පස්සේ දූෂණය තිවුර වුනා. රාජපක්ෂලා හොඳට ජාවාරම් කරපු බව තිත්ත ඇත්තක්. නමුත් මේ අර්බූදය ඇති වුණේ රාජපක්ෂලා හොරකම් කිරීමෙන් පමණයි කීම අර්බූදය විසඳන්න තියන අවස්ථාව නැති කරලා රට මං මුලාවට පත් කිරීමක්. රාජපක්ෂලාගේ හොරකම් මේ අර්බූදය තීවුර කරන්න බලපෑවා මිස අර්බූදයේ මූලය එතැන නෙවෙයි තියෙන්නේ.

අර්බූදයට හේතුව තමයි ආදායම වගේ දෙතුන් ගුණයක් වියදම් කිරීමත් ආදායම සහ වියදම පියවා ගන්න දරාගන්න බැරි ණය කන්දක් ලබා ගැනීමත්. එහෙම නම් අපි උත්තර හොයන්න ඕනේ එතනින්. මේ අර්බූදය ඇති කළේ රාජපක්ෂලා නොවුනාට මේ අර්බූදය මෙතරම් තීවුරවුර වීම වලක්වා ගන්න ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට ඕනෙ තරම් අවස්ථාව තිබුණා. මේ අර්බූදය තීවුර වීම වලක්වා ගැනීම සඳහා අවශ්‍ය කළමනාකරණය කිරීමට ඉඩ නොදුන්නේ බැසිල්. මේ අර්බූදය මෙතනට අරන් ආවෙ බැසිල්. වත්මන් අර්බූදයේ නිර්මාණකරුවා නම් බැසිල් රාජපක්ෂ කියන එක අපි බය නැතුව කියනවා.

අර්බූදය තීවුර කලේ කවුද ?

මේ අර්බූදය එන බව අපි මුලින්ම අමාත්‍ය මණ්ඩලයට කිව්වේ 2020 ඔක්තෝම්බර්බර් මාසයේ 26 වෙනිදා. කවුරුවත් කනකටවත් ගත්තේ නැහැ මෙවැනි අර්බූදයක් එනවා කියලා. මේ ගැන ඇතුලේ කතා කරලා, කතා කරලා අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 11 ක්ම දාලාත් මුකුත් නොකර බලන් ඉන්නවා දැක්කම අවසානයේ තීරණය කළා මාධ්‍ය හමුවක් තියලා 2021 ජුනි මාසයේ 12 වෙනි දා රටට කියන්න අපි අර්බූදයක පාමුල ඉන්නේ කියලා. එතකොට ආණ්ඩුවේ අනික් අමාත්‍යවරු දාලා බැසිල් උන්නැහේ කියන්න හැදුවේ මොකක්ද. අපිට ඇති තරම් සල්ලි තියෙනවා. අපිට ඇති තරම් ඩොලර් ද තියනවා . ගම්මන්පිල බොරු බිල්ලො මවනවා. ඒ අය මේ අර්බූදය එන බව දනිමින් අර්බූදය එනවා කියලා අප ඇඟට ඇනලා කියද්දි අර්බූදය ඇති වෙන්න ඉඩ දීලා නිහඩව බලා හිටියේ. ඒ වගේම අර්බූදය වැඩි වෙන්න පාර කැපුවා.

මිත්‍රවරුනි අපි තමුන්නාන්සේලා හැමෝම දන්න දෙයක් තමයි බැසිල් රාජපක්ෂට මේ ආත්මයට ඡන්දයක් දිනලා නම් ජනාධිපති වෙන්න බැහැ. සතා කවුද කියන එක රටේ ජනතාව දන්නවා. ජනතාව කවදාවත් එයාට නම් රට බාර දෙන්නේ නැහැ. එහෙම දුන්නොත් එක පාරට මුළු රටම කීයකට හරි ඇමරිකාවට විකුණලා දාලා එයා ඇමරිකාවේ යයි. ඒ අනතුර මේ රටේ ජනතාව දන්නවා. ඒ නිසා එයා දැනගෙන හිටියා එයාගේ ජනාධිපති සිහිනය සැබෑ කර ගත හැක්කේ ජනාධිපති වෙන කෙනා අතරමැද පලා යාමෙන් පමණයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරය දාල ගියොත් ඊළඟ ජනාධිපති තෝරන්නේ පාර්ලිමේන්තුවෙන්. ඒ පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ බැසිල්ගේ සිග්නල් කණු වෙලා ඉන්න බැසිල් කියන කියන විදිහට අත ඔසවන පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට. එනිසා ගෝඨාභය දාල ගියොත් ජනාධිපති වෙන්න මට පුළුවන් කියන උපක්‍රමය තුළ තමයි බැසිල් රාජපක්ෂ මේ අර්බූදය තීවුර කළේ.

අයියා ගිහාම ජනපති වෙන්න හැදු මල්ලීගේ සැලැස්ම

මොකද අපට වඩා හොඳට ගෝටා අයියා ගැන දන්නෙ බැසිල්. එයා දන්නවා ගෝටා අයියට ලොකු පීඩනයක් ආවොත් දමලා ගහලා යනවා. ගෝටා අයියා දමලා ගහලා ගියොත් පාර්ලිමේන්තුව මීළඟට තෝරගන්නේ මාවයි කියන සිහිනේ තමයි බැසිල් රාජපක්ෂ හිටියේ. ඒ නිසා තමයි රසායනික පොහොර තහනම ආවම අපි ඒකට විරුද්ධව සටන් කරද්දී ජනාධිපති වරයාගේ තීන්දුවට ඉඩ දිය යුතුයි කියලා ආණ්ඩුව තුළ සටන් කළේ බැසිල්. තෙල් ගෑස් විදේශ විනිමය අර්බූදයන් ගැන අපි කියද්දී ඒවාට නිසි පිළියම් යොදන්නේ නැතුව මුදල් අමාත්‍යාංශයට වෙලා නිදි කිරලා පැය14 ක් විදුලිය කපන කන් බලා හිටියා. අපේ රටේ ජනතා ගෑස් පෝලිමේ, තෙල් පෝලිමේ දවස් ගණන් ලගින කම් බලා හිටියා. මෙන්න මෙහෙම දුක් විඳින්න සිදු උනාම ජනතාවගේ ඉවසීමේ රතු කට්ට පැනලා බැසිල්ට අවශ්‍ය විදිහටම ජනතාව පාරට බැස්සා. ජනතාව පාරට බැහැලා ටිකක් දවස් යද්දි බැසිල් හිත විදියටම ගෝටා අයියා දමල ගහල යන්න ගියා. නමුත් බැසිල්ට ජනාධිපති පුටුවේ වාඩි වෙන්න බැරි වුණා.

එයා මුලින්ම දැන ගත්තා විමල්-උදය අමාත්‍ය මන්ඩලයේ හිටියොත් මට මගේ ගමන යන්න වෙන්නේ නැහැ කියලා. අපි ඇඟිල්ලෙන් ඇන ඇන කිව්වා ආර්ථික අර්බූදය එනවා මුදල් ඇමති මුකුත් නොකරන්නේ ඇයි කියලා. එය අපි මුලින් අමාත්‍ය මණ්ඩලයේ කිව්වා. ඉන් අනතුරුව රටටත් කිව්වා. මේ කරදර කාරයොත් එක්ක මගේ ගේම ගහගන්න බැහැ කියලා අපිව අමාත්‍යමණ්ඩල යෙන් එළියට දැම්මා. අපි නිකන් හිටියෙ නැහැ. අපි මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා බැසිල්ගේ කුමන්ත්‍රණය උදේ ඉදන් රෑ වෙනකම් ම කියලා කියලා බැසිල් බලාපොරොත්තු නොවූ ආකාරයකට අපට පුළුවන් වුණා බැසිල්ගේ අයියා ලවාම බැසිල්ව අස් කරවා ගන්න.

අයියාට සමාවක් නොදෙන මල්ලී

මට මහාචාර්ය ජී එල් පීරිස් හිටපු ඇමැතිතුමා කිව්වා බැසිල් රාජපක්ෂ මහත්තයා දවසක් එයාත් එක්ක කිව්වලු මාව අමාත්‍යධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය අයියට මම මරණ මංචකයේ වත් සමාව දෙන්නේ නෑ කියලා. මොකද ඔහුගේ සියලු කුමන්ත්‍රණ වතුරේ ගියේ හදිසියෙ බැසිල්ව අමාත්‍ය ධුරයෙන් ඉවත් කරපු නිසා. ජනාධිපති සිහිනයට වැඩ කරන්න ගිහිල්ලා අන්තිමට සිද්ධ වුණේ තිබුණු ඇමතිකමත් මන්ත්‍රීකමත් දෙකම නැති කරගෙන ඇමරිකාවට පලා යන්න. ඔන්න මේ දවස් වල හා ආපහු ඇවිල්ලා ඉන්නේ. හැබැයි මේ රටේ ජනතාව බුද්ධිමත් නිසා ඒ පාරේ දැන් යන්නේ නැහැ.

බෙදුම්වාදය ශක්තිමත් කිරීම

මේ අර්බුදය උග්‍ර කිරීමට සිතාමතාම බැසිල් රාජපක්ෂ කටයුතු කළේ බෙදුම්වාදය ශක්තිමත් කරලා බෙදුම්වාදීන්ගේ උවමනා එපාකම් ඉටු කරන්න. ඒ සඳහා හොඳම අවස්ථාව නිර්මාණය කරගන්න පුළුවන් ආර්ථික අර්බූදයක් තියන අවස්ථාවේ. පුංචි දරුවා බඩගින්නේ හඬා වැටෙද්දී අපේ දෙමව්පියන්ගේ දරු සෙනෙහස දේශමාමකත්වයට වඩා උඩට මතුවී එනවා. බේත් ටික හොයා ගන්න බැරුව බේත් ටික ගිනි ගණන් නිසා අම්මා මරණ මංචකයේ ජීවිතයයි මරණයයි අතර පොරබදන මොහොතේ අපේ මව් පිය සෙනෙහසත් දේශප්‍රේමයට වඩා උඩින් එනවා. ඒ නිසා ඩොලර් හිඟය ඉදිරි දොරින් ගෙට ඇතුළු වෙනකොටම දේශප්‍රේමය පෑලදොරින් ගෙදරින් පලා යනවා.

මේ තත්ත්වය ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේ වෙනත් තැන්වලත් අත්හදා බලපු උපක්‍රමයන්. 1970 දශකයේ ඉඳන් ඉන්දුනීසියාවේ නැගෙනහිර තිමෝරය වෙනම රාජ්‍යයක් සඳහා ආයුධ අතට අරන් සටන් කළා. අචේ ප්‍රාන්තය වෙනම රටක් වෙන්න ආයුධ අතට අරන් සටන් කළා. ඉන්දුනීසියාවේ ජනතාව පාරට බැහැලා පෙළපාලි ගිහිල්ලා කිව්වෙ ඉන්දුනීසියාව එකම රටක් කියලයි. ඒ ජනතා සහාය නිසාම ජනාධිපති සුහර්තෝ ට පුළුවන් වුණා හමුදාව යවලා අර කැරලි දෙකම කුඩුපට්ටම් කරලා දාන්න.

ඔය අතරේ ඇමරිකානු ආයෝජකයෝ, ආයෝජක සමාගම් කුමන්ත්‍රණකාරී විදිහට 1997 ඉන්දුනීසියානු කොටස් වෙළඳ පොලේ ආයෝජන ඩොලර් බිලියන ගණනක් එකවර ඉන්දුනීසියාවෙන් එළියට ගත්තා. මොකද උනේ. බලාගෙන ඉන්නකොට ඉන්දුනීසියාවේ මුදල් වර්ගය රුපියා කඩා වැටෙන්න ගත්තා. ඩොලර් නෑ දැන් රටට. දැවැන්ත ඩොලර් හිඟයක්. කෑම බීම නෑ . ගෑස් ටික නෑ. තෙල් ටික නෑ. වැඩට එද්දි බස් එකේ ටිකට් පතක මිල රුපියා එකනම් ආපහු ගෙදර යද්දි එය රුපියා දෙකක් වෙලා ඉවරයි. මිනිස්සුන්ට කන්න නැති වුණා. ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බටහිර රටවල් ඇවිල්ලා කිව්වා අපි දෙන්නම් සහන පැකේජයක් හැබැයි නැගෙනහිර තිමෝරය ට නිදහස ලබාදිය යුතුයි. අචේ ප්‍රාන්තයට ස්වයං පාලන අයිතිය ලබා දිය යුතුයි. ජනාධිපති සුහර්තෝ කිව්වා මට බැහැ මගේ මවුබිමට ද්‍රෝහී වෙන්න. ඔහු එය යෝජනා ප්‍රතික්ෂේප කළා. මෙන්න බොලේ මෙතෙක් කල් දේශප්‍රේමයෙන් ඔද වැඩී සිටි ජනතාව පාරට බැහැලා පෙළපාලි යනවා සුහර්තෝට විරුද්ධව. නැගෙනහිර තිමෝරයට නිදහස දීලා හරි අපට කන්ඩ දීපල්ලා අපට බඩගිනියි කියලා. අපට රටක් ඕනි වුණාට අපට බෙහෙත් නැතුව මැරෙන්න බැහැ කියලා. මගේ රට කැබලි කරන්න මට බැහැ කියලා සුහර්තෝ ජනාධිපති ඉල්ලා අස්වෙනවා. බටහිර යෝජනා පිළිඅරගෙන මෙගාවතී සුකර්නෝපුර්ති ජනපතිවරණයට ඉදිරිපත් වෙනවා. ඇයට දැවැන්ත ජනවරමක් ලැබෙනවා. ඉන්දුනීසියාවට ඩොලර් ලැබෙනකොට නැගෙනහිර ටිමෝරය ඉන්දුනීසියාවට අහිමි වෙනවා. අචේ ප්‍රාන්තය ඉන්දුනීසියාවෙන් ස්වාධීන වෙනවා. මෙන්න මෙහෙමයි ඩොලර් හිඟය ඇති කරලා ඉන්දුනීසියාව කැබලි කරේ.

සෝල්හයිම් ආවේ ඇයි ?

අද ලංකාවේ කරන්න යන්නෙත් ඒකයි. පරිසර ක්ෂේත්‍රයෙන් කැපිලා ගිහිල්ලා ඉන්න එරික් සෝල්හයිම් ජනාධිපතිතුමාගේ පරිසර් උපදේශක වෙන්නේ නිකම් නෙමෙයි. ඔහු දන්න පරිසර අටමගලක් නැහැ. ඔහුට දේශගුණික විපර්යාස පිළිබඳ විශ්ව විද්‍යාලයක් ගේන්න පුළුවන් කමක් නැහැ. ඒයා ආවෙ සුරේන් සුරේන්ද්‍රන්, එමානුවෙල් පියතුමා, විනයාගම් කියන කියන කොටි නායකයෝ ටික ජනාධිපතිත් එක්ක සම්බන්ධ කරන්න. අද ලංකාවට ඩොලර් එන්න තැනක් නැහැ. චීනය එක්ක තරහයි. ජපානය එකත් තරහයි. රුසියාව යුද්ධයක පැටලීලා. යුරෝපය දැවැන්ත ආර්ථික අර්බුදයක ගිලිලා. ඒ නිසා අද රනිල්ගේ එකම බලාපොරොත්තුව බෙදුම්වාදීන් සතු ඩොලර් විතරයි. කොටි සංවිධානයේ ආදායම් මාර්ග උනේ මිනිස් ජාවාරම, අවි ආයුධ ජාවාරම, මත්ද්‍රව්‍ය ජාවාරම, පුරාවස්තු ජාවාරම, නැව් සේවා පවත්වාගෙන යෑම. මේවා අදත් ඒ විදිහටම තියෙනවා. යුද්ධය ඉවර වුණාට ඒවා ඉවර වෙලා නැහැ. ඩොලර් මිලියන තුන්සියයක් පන්සියයක් සතර ආදායමක් ඔවුන් ඉන් ලබනවා. ඒ නිසා හිතනවා පහසුවෙන් ඔවුන්ගේ මුදල් ගන්න පුළුවන් මේ අයගේ ඉල්ලීම් ඉටු කරලා දුන්නොත් කියලා. වේළුපිල්ලේ පිරබාහරන් ට උණ්ඩයෙන් කරගන්න බැරි වෙච්ච දේ වේළුපිල්ලේ පිරිබාහරන්ට තුවක්කුවෙන් කරගන්න බැරි වෙච්ච දේ ඩොලර් පෙන්නලා කරගන්න සුරේන්ලා ඒමානුවෙල්ලා අද කරන්න හදනවා.

ඔන්න ඔය නිසා තමයි ආණ්ඩුවට බැන බැන හිටපු අපේ විග්නේෂ්වරන්ලා සුමන්දිරන් ලා දැන් අයවැයට විරුද්ධ නොවී ඉන්න තීරණය කරලා තියෙන්නේ. ආණ්ඩුවට සුදුහුණු ගාන්නත් පටන් අරගෙන තියෙන්නේ. ඒ අය දැන් තනුව වෙනස් කරලා අලුත් නැටුමක් නටන්නේ අලුත් ගීතයක් ගයන්නේ දීර්ඝකාලයක් ජීවිත පූජා කරලා කරගන්න බැරි වෙච්ච වැඩේ ඩොලර් පෙන්නලා කරගන්න අවශ්‍ය පසුබිම හදාගෙන තියෙන නිසා.

අර්බූදය අස්සේ ජාතික සම්පත් කුණු කොල්ලයට

මේ රට සිතාමතාම ආර්ථික අර්බූදයට තල්ලුකිරීමේ බැසිල්ගේ තුන්වෙනි හේතුව තමයි මේ කියන්න හදන්නේ. බැසිල්ව ඉස්සර නම් කවුරුත් දන්නේ මිස්ටර් ටෙන් ප්‍රසෙන්ට් කියලා. එහෙමනෙ අහල තියෙන්නෙ. එතකොට රටක තියෙන සම්පත් රටකට කන්න නැතුව බේත් ටික නැතුව අසරණ වෙලා තියෙන මොහොතේ විකුණන්න පටන් ගන්නවා. ආර්ථික අර්බූදය මිනිසුන්ගේ වටිනාකම වෙනස් කරනවා. වෙනදා අපි විකුණන්න එපා කියන දේවල් විකුණන්න පුළුවන් වෙනවා. වෙනදා එන විරෝධය දැනෙන්නෙ නෑ.

ඒ නිසා තමයි මෙතෙක් කලක් ටෙන්ඩර් කැඳවලා තෙල් මිලදී ගැනීම කරපු ආණ්ඩුව දැන් ටෙන්ඩර් නැතුව තෙල් මිලදී ගැනීම් කරන්න යන්නේ. අපේ රටේ විදුලිබල පනතේ ම තිබුණා පුනර්ජනනීය විදුලිය නිපදවනවා නම් විදුලිය මිලදී ගැනීම තරගකාරී ටෙන්ඩර් පටිපාටිය ඔස්සේ පමණයි කල යුත්තේ කියලා. මාස තුනකට විතර කලින් අපේ බලවත් විරෝධය මැද ඒකත් සංශෝධනය කළා. ටෙන්ඩර් නැතුවයි දැන් ගනු දෙනු වෙන්න ඕනේ කියලා නීතියෙන්ම දාගෙන තියෙනවා. මේවා කරගන්න පුළුවන් වෙන්නේ ආර්ථික අර්බූදය අස්සේ තමයි. ජාවාරම්කරුවන් මේ අර්බුදය පාවිච්චි කරලා වෙනදටත් වඩා කූට්ටිය අරගෙන ඇමරිකාවේ තමන්ගේ ගිණුම්වල සල්ලි පොදි ගසමින් ඉන්නේ.

අර්බූදය ඉල්ලමක්

මේ අර්බූදය නිර්මාණය කරපු අය අර්බූදය නිර්මාණය කරන්න යටි අරමුණ තියාගෙන කටයුතු කරපු අය මේ අර්බූදය විසඳයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. මේ අර්බූදය ඒ් අයට ඉල්ලමක්. තමන්ගේ දේශපාලන අරමුණු ඉටුකර ගන්න ඉල්ලමක්. තමන්ගේ ආර්ථික අරමුණු ඉටු කර ගන්නත් ඉල්ලමක්. බෙදුම්වාදීන්ගේ මනදොළ සැපයීමේ දීර්ඝකාලීන ආශාව ඉටු කිරීමේ ද ඉල්ලමක්. ඒ නිසා මේ අර්බූදය තව තවත් ඔඩු දුවන තව තවත් තීවුර කරන අයවැය තමයි 2023 සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කෙරේ. මේ අය මේ ප්‍රශ්න විසඳන්නේ නැහැ.

මේ රට අපේ රට. අපට යන්න වෙන තැනක් නැහැ. කකුල් දෙක දෙපැත්තේ තියන් ඉන්න අයට නම් ඕනෑ තරම් දේවල් කරල වැඩේ වැරදුනාම බෑග් අරගෙන යන්න විතරයි තියෙන්නේ. ඒ නිසා වෙන අය නොවේ මේ ප්‍රශ්නය අපමයි විසදිය යුත්තේ. මේ ප්‍රශ්නයට උත්තර සෙවිය යුත්තේ ද අපමයි. මේ නිසා මිත්‍රවරුනි ආණ්ඩුවක් පාණ්ඩුවක් වගේ රටේ තිබුනට, ආණ්ඩුවක් තියෙනවා කියලා දැනෙන්නේ නැති වුණාට, ආණ්ඩුව මේවා කරනකම් බලාගෙන ඉන්නේ නැතුව හදන්න පුළුවන් හැමදේම හදමු. වවවන්න පුළුවන් හැමදේම වවමු. සිරිලක දේ සිරි සැප දේ කියලා මේ රටේ හැදෙන දේ මිලදී ගන්න මෙරට ජනතාව පොළඹවමු. අපේ රට අපි හදමු. මේ රට නැවතත් ආසියාවේ දිදුලන මුතු ඇටය බවට පත්කරන්නට අපත් සමග එකතු වන්න මම තමුන්නාන්සේලා සියලු දෙනාට ආරාධනා කරනවා.

– Media unit


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka