gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනතා විශ්වාසයේ පළමු තැන මහ බැංකු අධිපතිට! රනිල් පස්සට යයි! ජනතා අදහස් ගැන නවතම සමීක්ෂණ වාර්තාව මෙන්න

ආර්ථික ප්‍රතිසංස්කරණ මෙහෙයවීම සඳහා ශ්‍රී ලාංකිකයන්ගේ වැඩිම විශ්වාසයක් දිනා ඇති පුද්ගලයා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා බවත් ඔහුට සියයට 56.6ක විශ්වාසයක් හිමිව ඇති බවත්  විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නිකුත් කළ නවතම සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය වුණා. 
එහි දෙවැනි ස්ථානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිව ඇති අතර ඔහුට හිමිව ඇති විශ්වාසය  ප්‍රතිශතයක් ලෙස සියයට 44.5 ක්.

එසේම අවස්ථාවක් ලැබුනහොත් සමස්තයක් ලෙස ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 56.8 ක් වෙනත් රටකට සංක්‍රමණය වීමට කැමති බවත් ඉන් බහුතරය වයස අවුරුදු 18-29 ත් අතර තරුණයන් බවත් එම වාර්තාවේ දැක්වෙනවා.

වයස් කාණ්ඩ ලෙස ගත් විට වයස අවුරුදු 18-29 ත් අතර ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 77.2 අවස්ථාවක් ලැබුණහොත් වෙනත් රටකට සංක්‍රමණය වීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර වයස අවුරුදු 30ට වැඩි ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 45.4ක් අවස්ථාවක් ලැබුණහොත් වෙනත් රටකට සංක්‍රමණය වීමට කැමැත්ත ප්‍රකාශ කළ බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.

එසේම මෙම වාර්තාවට අනුව රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට තීරණය කිරීම ශ්‍රී ලාංකිකයන් සියයට 60.5 අනුමත කර ඇති අතර ඉන් බහුතරයද වයස අවුරුදු 18-29 ත් අතර තරුණයන් වනවා.

තවද මෙම වාර්තාවට අනුව මීට වසරකට පෙර තිබූ ආර්ථික තත්ත්වයට වඩා දැන් තිබෙන ආර්ථික තත්ත්වය නරක බව ශ්‍රී ලාංකිකයන් සියයට 79.1 ක් පිළිගෙන තිබෙනවා.

මෙම සමීක්ෂණය සඳහා නියැඳි 1000 ක් ගෙන ඇති අතර ඔක්තෝබර් 21 සිට 31 දක්වා මෙම සමීක්ෂණය සිදු කර තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka