gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපති මහානායක හිමිවරුන්ගෙන් විශේෂ දළදා ප්‍රදර්ශනයක් ඉල්ලයි!

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී විශේෂ දළදා ප්‍රදර්ශනයක් පවත්වන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ   මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම ගෙන් සහ දියවඩන නිළමේවරයා ගෙන් ඉල්ලීමක් කර තිබේ. හැත්තෑපස් වන නිදහස් සැමරුමට සමගාමීව රටට සහ ජනතාවට සෙත් පතා ලබන වසරේ මාර්තු මාසයේ දී මෙම ප්‍රදර්ශනය පැවැත්විය යුතු බව එහි සඳහන් කර තිබේ.

අදාළ යෝජනාව ඇතුළත් ලිපිය අගමැති දිනේෂ් ගුණවර්ධන  මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාට සහ දියවඩන නිළමේවරයා වෙත ඊයේ (17) බාර දෙනු ලැබීය.

අගමැතිවරයා මල්වතු මහා විහාරයට ගොස් එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු අදාළ ලිපිය පිළිගන්වා රටේ වත්මන් තත්ත්වය සම්බන්ධව උන්වහන්සේ සමඟ සුහඳ පිළිසඳරක යෙදුනේය.

අනතුරුව අස්ගිරි මහා විහාරයට ගිය අගමැතිවරයා එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැදැක ජනපතිවරයාගේ ලිපිය පිළිගැන්වුවේය.

අදාළ යෝජනාව කාරක සංඝ සභාව වෙත යොමුකර සාකච්ඡා කිරීමෙන් පසු ඒ සම්බන්ධ අදහස දැනුම් දෙන බව මහනාහිමිවරු අගමැතිවරයාට දැනුම් දී තිබේ.

අගමැතිවරයා ඊයේ  (17) පස්වරුවේ ශ්‍රී දළදා මාලිගාවට ගොස් දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව දියවඩන නිළමේ නිලංග දෑල  වෙත ද දළදා ප්‍රදර්ශනයක් පැවැත් වීම සඳහා වන ජනපතිවරයා ගේ යෝජනාව ඇතුළත් ලිපිය බාර දුන්නේය.

දළදා වහන්සේ ගේ පැවිදි භාරකාරත්වය මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම විසින් ද ගිහි භාරකාරත්වය දියවඩන නිළමේවරයා විසින් ද දරනු ලබති.

අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පවත්වා ඇත්තේ 2009 වසරේ දී ය. ඒ අනුව වසර 12 කින් දළදා ප්‍රදර්ශනයක් පවත්වා නොමැත.
-lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka