ෂාෆ්ටර් ඝාතනය ගැන පොලිසියෙන් විශේෂ නිවේදනයක්…
ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ තහවුරු නොවූ විවිධ තොරතුරු ප්‍රචාරය කිරීම විමර්ශන වලට බාධා එල්ල වනු ඇති බව පොලීසිය සඳහන් කරයි.
එවන් තත්ත්වයක් සැකකරුවන්ට වාසිදායක ලෙස බලපානු ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි.
ඒ හේතුවෙන් තහවුරු නොකළ තොරතුරු තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස ද පොලිස් මාධ්‍ය කොට්ඨාස ඉල්ලා සිටියි.
ෂාෆ්ටර් මහතා බොරැල්ල සුසාන භූමියේ දී ඉකුත් 15 වනදා අසාධ්‍ය තත්වෙන් වාහනය තුල බැද දමා සිටියදී සිටියදී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අංශ ගණනාවක් ඔස්සේ ඒ පිළිබදව පරීක්ෂණ පවත්වමින් සිටියි.
ෂාෆ්ටර් ඝාතනය ගැන පොලිසියෙන් විශේෂ නිවේදනයක්…
2022-12-28T01:23:00+05:30
Gossip Lanka Hot News






