ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ඩොලර් ලක්ෂ 250ක් සොරකම් කළ ශ්‍රී ලාංකිකයා මාට්ටු!
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි දේශීය ක්‍රිකට් තරඟාවලියක් සඳහා ජාත්‍යන්තර ක්‍රීඩකයන් දස දෙනකුට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් 250000 ක මුදලක් තම සේවා යෝජකයාගේ ගිණුමෙන් සොරකම් කිරීම සම්බන්ධ චෝදනා ලැබූ ශ්‍රී ලාංකිකයකු ගැන මාධ්‍ය වාර්තා කර තිබේ.
35 හැවිරිදි සැකකරු හට සොරකම් සහ වංචා සම්බන්ධ චෝදනා 19 ක් මෙල්බර්න් පොලිසිය ගොනු කර ඇත. මෙම සැකකරු මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණය වෙත පෙරේදා(29) ඉදිරිපත් කර තිබේ.
මොහු ව්‍යාජ ලිපි ලේඛන සකස් කරමින් සේවා යෝජකයාගේ ගිණුමෙන් වසරක් පුරා ඇමෙරිකානු ඩොලර් 250000 ක මුදලක් සොරකම් කර ඇති බව පොලිස් චෝදනා පත්‍රයේ සඳහන් වේ.
(විමුක්ති එස් රුද්‍රිගු)
මොහු ව්‍යාජ ලිපි ලේඛන සකස් කරමින් සේවා යෝජකයාගේ ගිණුමෙන් වසරක් පුරා ඇමෙරිකානු ඩොලර් 250000 ක මුදලක් සොරකම් කර ඇති බව පොලිස් චෝදනා පත්‍රයේ සඳහන් වේ.
(විමුක්ති එස් රුද්‍රිගු)
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ඩොලර් ලක්ෂ 250ක් සොරකම් කළ ශ්‍රී ලාංකිකයා මාට්ටු!
2022-12-01T13:00:00+05:30
Lanka Hot News