එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධුරයෙන් මහින්ද අමරවීර මහතා ඉවත් කරන ලද බවට ජන මාධ්‍ය මඟින් වාර්තා කළ පුවත සම්බන්ධයෙන් විමතිය පළ කරන බව සන්ධානයේ පක්ෂ පහක් පවසයි.
මහජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය, දේශ විමුක්ති ජනතා පක්ෂය, ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ජාතික කොංග්‍රසය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ සන්ධානයේ මහ ලේකම්වරයා ඉවත් කිරීම හෝ නව මහ ලේකම් වරයකු පත්කිරීම පිළිබඳව කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය ව්‍යවස්ථාව හා පෙර ආදර්ශ පරිදි විධායක සභාව ඔහු සන්ධානගත පක්ෂ ඒ පිළිබඳව දැනුවත් කළ යුතු බවද ඔවුන් කියා සිටී.
එනිසා තිලංග සුමතිපාල මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා ලෙස පිළි නො කරන්නා බවද එම පක්ෂ නිවේදනය කරයි.
