gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මගේ හඬපට මාධ්‍යවල යාමෙන් මානව හිමිකම් කඩවෙනවා - ප‍්‍රියමාලිත් නඩු දමයි

මුදල් වංචාවක් සම්බන්ධව පරීක්‍ෂණ සිදුකිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටින තිළිණි ප්‍රියමාලිගේ මූලික අයිතිවාසිකම් කඩවූ බව ප්‍රකාශ කරමින් ඇයගේ නීතිඥවරුන් කණ්ඩායමක් විසින් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කොට තිබේ. 
2022.11.08 දින සිදුකරන ලද මෙම පැමිණිල්ල මගින් නීතිඥ කණ්ඩායම පෙන්වා දෙන්නේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පැමිණිලිකරුවන් සමඟ වංක සහයෝගයෙන් කටයුතු කරමින් සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිවාසිකම අහිමි කර ඇති බවයි.

එහිදී තවදුරටත් කරුණු දක්වන නීතිඥ කණ්ඩායම පෙන්වා දෙන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන මූලික මිනිස් අයිතිවාසිකම් මෙම නඩුව තුළ සිදුවන ඇතැම් කාරණා හරහා කඩවී ඇති බවයි.

ඒ සඳහා උදාහරණ දක්වන නීතිඥ කණ්ඩායම පෙන්වා දෙන්නේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව සැකකාරියක ලෙස පරීක්‍ෂණ සිදුකරනු ලබන තිළිණි ප්‍රියමාලි ලබාදෙන අතිශය පෞද්ගලික කටඋත්තර සහ ප්‍රකාශ පැය කීපයක් ඇතුළත විiුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය වෙත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබාදීම බරපතළ වරදක් මෙන්ම නීති විරෝධී ක්‍රියාවක් බවයි.

– Divaina


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka