gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

"මා SJBට එක් වූයේ නෑ…වාර්තා බොරු" - සුදර්ශිනීගෙන් නිවේදනයක්!

තමන් සමගි ජන බලවේගය එක්වූ බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් ම අසත්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.
මේ බව සඳහන් කරමින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

මාධ්‍ය නිවේදනය

සමගි ජන සන්ධානය සමග එක්වූ බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධවයි.

2022.11.14 දින මා සමගි සන්ධානය සමග එක්වූ බවට පළවන මාධ්‍ය වාර්තා, ජනතාව නොමග යවන සුළු ප්‍රවෘත්තියක් වීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබදව මෙසේ කරුණු පැහැදිලි කරමි.

රට තුළ උද්ගත වූ වාතාවරණය හමුවේ ජනතාව පීඩනයට පත්වෙමින් සිටි මොහොතක රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත්වූ මා 2022 අප්‍රේල් මාසයේ සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළ බව කාරුණිකව සිහිපත් කරමි. සැමවිටම මා කටයුතු කරනු ලැබුවේ සිතට එකගව වන අතර, ජනතාව වෙනුවෙන් කළ යුතු කාර්යයන් වලදී ආණ්ඩු පක්ෂය විසින් ගෙන එනු ලැබූ ජනතාවට හිතැති යෝජනාවලට පක්ෂවීමට මෙන්ම ජනතාව පීඩාවට පත්කරන යෝජනාවලට විරුද්ධව කටයුතු කිරීමටද මහජන නියෝජිතවරියක් ලෙස මා නොපැකිලෙමි.

2023 වසර සදහා අයවැය යෝජනාව ඉදිරිපත් කරන මොහොතේ පොදුවේ විපක්ෂයක් ලෙස ජනතාව වෙනුවෙන් සිදුකළ යුතු විපක්ෂයේ පොදු කාර්ය භාර්ය පිළිබදව සාකච්ඡා කිරීමට 2022.11.14 දින මා විපක්ෂ නායකවරයා ඇතුළු පොදු විපක්ෂ කණ්ඩායම හමුවී, විපක්ෂයේ පොදු කාර්ය භාර්ය පාර්ලිමේන්තුව තුළ ඉටුකිරීමට එකගතාවයක් ඇති කරගනු ලැබීය. නමුත්, එහිදී කිසිදු සමගි සන්ධානයකට එක්වීමක් සිදුනොවූ බව වගකීමෙන් ප්‍රකාශ කරමි. එබැවින් සමගි සන්ධානයට මා එක්වී ඇති බවට පළවන මාධ්‍ය වර්තා ජනතාව නොමග යවන සුළු වන අතර සත්‍යයෙන් තොර බව ප්‍රකාශ කරමි.

ස්තුතියි
මෙයට – හිතවත්

විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ
ගම්පහ දිසත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka