gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දෙසැම්බරයේදී අලුත් රාජ්‍ය ආයතනයක්! ඩයස්පෝරා නම හැලෙයි – අලුත් නමක් එයි

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ කාර්යාලය (Office of the Overseas) නමින් ආයතනයක්  ස්ථාපිත කිරීමේ කටයුතු දෙසැම්බර් මාසය වන විට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන තිබෙනවා. 
විදේශ අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ මෙම කාර්යාලය විවෘත කිරීමට නියමිත අතර විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට සෘජුව මෙයට සම්බන්ධ වී මෙරට ආර්ථික  ප්‍රගමනයට සහාය දීමට මෙමගින් අවස්ථාව සැලසෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට‍ පත් වූ විගස රටට උපකාර කරන ලෙස ඩයස්පෝරාව ඇතුළු විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩනයේ දී ඩයස්පෝරා සාමාජිකයන් හමුවී සාකච්ඡා කළ අතර එහිදි ඩයස්පෝරාව කියන නම වෙනුවට විදේස්ගත ශ්‍රී ලාංකිකයන් ලෙස හදුන්වාදීමට තීන්දු කර තිබෙනවා.

නව කාර්යාලය ස්ථාපිත කිරීමෙන් පසුව සිංහල හා දෙමළ ඩයස්පෝරාවට එම කාර්යාලය අමතා මෙරටට සෘජුව සම්බන්ධ වී ආයෝජන කළ හැකියි.

එසේම වෙනත් ආයෝජකයන් සම්බන්ධ කිරීමට ද අවස්ථාව උදාවනවා.

නව කාර්යාලය ස්ථාපිත කිරීමේ කැබිනට් පත්‍රිකාව ඉදිරි සතියේදී ඇමති මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර දෙසැම්බර් අග වන විට කාර්යාලය පිහිටුවීමේ කටයුතු ආරම්භ වනු ඇති.

විදේශ ඇමති අලි සබ්‍රි, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරුන් හා අධිකරණ අමාත්‍යාංශ නිලධාරීන් අතර ඉකුත් සතියේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹ තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka