ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් පිරිසක් විසින් කරන ලද බරපතළ පාවාදීමක් පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා කරුණු හෙළිකරයි.
අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ ජවිපෙ සාමාජිකයන් පිරිසක් රජයේ ආරක්ෂක අංශ වෙත සිය සමාජිකයින් පිළිබඳ තොරතුරු ලබාදෙමින් මෙම පාවාදීම සිදු කර ඇති බවයි.
ජනතාවගේ අපේක්ෂාවන් වෙනුවෙන් සිය පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ සමඟ එක් මගක කටයුතු කිරීමට සූදානමින් සාකච්ඡා වට කිහිපයක් නමුත් මේ වන විටත් ජනතා විමුක්ති පෙරමුණෙන් ඒ සඳහා සාධනීය ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ද ඔහු සඳහන් කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අය-වැය සම්බන්ධයෙන් ද කරුණු දක්වන පුබුදු ජයගොඩ මහතා පෙන්වා දෙන්නේ එහි වධකාගාර පන්නයේ ක්‍රියාවක්ද ඇතුලත් වන බවයි.
