gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මහ බැංකුවට අත දාන්න එපා... මං ඒකට කැමති නෑ - මහ බැංකු අධිපති දැනුම් දේ!

රටේ පොලී අනුපාත හා විදේශීය විනිමය අනුපාතයන් තීරණය කිරීමට බලය පැවරී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවට බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

එම කාර්යය සඳහා වෙනත් අය මැදිහත් වෙනවාට තමා අකමැති බවද හෙතෙම කියා සිටියි.

ෆිසිකල් තීන්දු තීරණ ගන්නා ඇතැම් අය මූල්‍ය ප්‍රතිපත්තිය පාලනය කිරීමට යාම ගැන තමාගේ කිසිදු පැහැදීමක් නැති බවද කොළඹ පැවති සම්මන්ත්‍රණයේ එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා කියාසිටියේය.

රටේ ව්‍යවස්ථාවට අනුව මුදල් බලය පාර්ලිමේන්තුවට පැවරී ඇතත් මූල්‍ය ප්‍රතිපත්තිය අදාළ තීරණ ගැනීමේ බලය ඇත්තේ මහ බැංකුවට බවද අධිපතිවරයා තවදුරටත් පැවසීය.

මේ දිනවල පැවැත්වෙන අය-වැය විවාදයේ දී ඇතැම් මැති ඇමතිවරුන් කරන ප්‍රකාශ දෙස බැලීමේදී පෙනී යන්නේ ඔවුනට මහ බැංකුවේ භූමිකාව සම්බන්ධයෙන් ඇත්තේ අඩු අවබෝධයක් බවද හෙතෙම පෙන්වා දෙයි.

සියලුම මුදල් සම්බන්ධය පාර්ලිමේන්තුවට නොමැති බවත් පාර්ලිමේන්තුව ඇත්තේ මහජන මුදල් සම්බන්ධ බලයක් පමණක් බව ද වීරසිංහ මහතා තව දුරටත් කියා සිටියේය.



gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka