gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ‍්‍රී ලංකාවේ ICC සාමාජිකත්වය අහෝසි වේවි - ICC ශ‍්‍රී ලංකාවට දැනුම් දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට දිගින් දිගටම දේශපාලන අත පෙවීම් සිදු වුවවොත් එහි ප‍්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් අනතුරු අඟවා ඇති බව වාර්තා වෙයි. 
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ ප්‍රධාන විධායක නිලධාරියා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමු කර ඇති විශේෂ ලිපියක මෙලෙස සඳහන් වී ඇත.

මෙම දේශපාලන අතපෙවීම් හමුවේ ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීමක් සිදුකළ හොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ICC සාමාජිකත්වය අහිමි වීම පවා සිදුවිය හැකි බවද ලිපිය පෙන්වා දී තිබේ.

මෙම ලිපිය සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩා අමාත්‍වරයා ඇතුළු අවශ්‍ය අනෙක් පාර්ශවයන්ගේ අවධානය යොමු කර ඇත.

එමෙන්ම ශ‍්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලන අතපෙවීම් සිදුවන්නේදැයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පරීක්ෂණයක් කළහොත් එමගින් මෙරට ක්‍රිකට් ක‍්‍රීඩාවට දැඩි බලපෑම එල්ලවනු ඇති බව ද ලිපියේ දන්වා තිබේ.

ICC සාමාජිකත්වය අත්හිටුවීම, ICC ඉසව් සඳහා සහභාගිවීමට නුසුදුසු ලෙස නම් කිරීම සහ මූල්‍ය ආධාර ලබාදීම නවත්වා දැමීම යන කරුණු එකක් හෝ සියල්ලම සිදු කිරීමට ඇති බවද එමගින් තවදුරටත් අනතුරු අඟවා ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka