හැප්පිලා බලමු! අපි උද්ඝෝෂණයට එනවා! බලමු කව්ද දිනන්නේ කියලා! හර්ෂ ආණ්ඩුවටයි පොලිසියටයි දෙකටම අනතුරු අඟවයි!
අද (02) දිනයේ පොලීසිය තමන් සමඟ ගැටුමකට පැමිණියහොත් තමාගේ ට්විටර් ගිණුම හරහා ඊට පිළිතුරු ලබාදෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා පවසා තිබෙනවා.
“ට්විටර් එකේ මාව ෆලෝ කරනවා ලක්ෂ 3කට වැඩියෙන්. මම පොලීසියත් එක්ක හැප්පිලා ට්විටර් පණිවුඩයක් දැම්මොත් ඉතින් මොකද වෙන්නේ. ලෝකෙ හැමතැනම මගේ ට්විටර් එක යනවා. පුළුවන්නම් ඉතින් ගහමු. අද පොලීසියයි ට්විටර් එකයි තමයි එන්නේ. මට පොලීසිය එක්ක හැප්පිලා ට්විටර් දාන්න දඟලන්න ඕනේ නැහැ. පොලීසිය මාත් එක්ක අද හැප්පුනොත් මගේ ට්විටර් එක ලෝකය පුරා යනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා” යි සජබ මන්ත්‍රීවරයා පවසනවා.
‘මර්දනයට, ආර්ථික පීඩනයට එරෙහිව නැගී සිටිමු, අයිතීන් වෙනුවෙන් සටන් වදිමු’ යන තේමාවෙන් වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා විපක්ෂයේ දේශපාලන පක්ෂ ඒකාබද්ධව අද පස්වරුවේ කොළඹදී විරෝධතා පාගමනක් සංවිධානය කර තිබෙනවා. මරදාන, එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටින් අද (02) පස්වරු 03.00ට විරෝධතා පාගමන ආරම්භ කිරීමට නියමිත අතර එය කොටුව දුම්රිය පොළ දක්වා ගමන් කරන බවයි කියන්නේ.
‘මර්දනයට, ආර්ථික පීඩනයට එරෙහිව නැගී සිටිමු, අයිතීන් වෙනුවෙන් සටන් වදිමු’ යන තේමාවෙන් වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා විපක්ෂයේ දේශපාලන පක්ෂ ඒකාබද්ධව අද පස්වරුවේ කොළඹදී විරෝධතා පාගමනක් සංවිධානය කර තිබෙනවා. මරදාන, එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටින් අද (02) පස්වරු 03.00ට විරෝධතා පාගමන ආරම්භ කිරීමට නියමිත අතර එය කොටුව දුම්රිය පොළ දක්වා ගමන් කරන බවයි කියන්නේ.
හැප්පිලා බලමු! අපි උද්ඝෝෂණයට එනවා! බලමු කව්ද දිනන්නේ කියලා! හර්ෂ ආණ්ඩුවටයි පොලිසියටයි දෙකටම අනතුරු අඟවයි!
2022-11-02T14:41:00+05:30
Gossip Lanka Hot News