ජනතාවට බදු නොගසා හොරා කෑ ධනය මහා භාණ්ඩාගාරයට පවරා ගනු…! – ජී.එල්. පීරිස්
ජනතාව නොමරා මරණ අසීමිත බදු ප්‍රතිපත්තිය වෙනුවට රටේ සිදුව ඇති වංචා දූෂණ ගැන අපක්‍ෂපාතී විමර්ශනයක් කර සොරා කෑ මුදල් ජනතාවගේ අතට ලබාදීමට පියවර ගන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පවසයි.
නුදුරු අනාගතයේදීම අසීමිත බදු බර නිසා ජනතාවට හුස්ම ගත නොහැකි නොමරා මැරෙන තත්ත්වයක් ඇති වන බව කී ජී.එල් පීරිස්, බදු හැර ආදායම් සෙවිය හැකි විකල්ප නොමැති බව රජය කියමින් සිටින බව ද සඳහන් කළේය.
ජනතාව තව තව බදු බරින් මිරිකීම වෙනුවට ජනතාවගෙන් සොරා කෑ මුදල් යළි මහා භාණ්ඩාගාරයට ලබා ගැනීම ආදී ආදායම් ලබාගත හැකි ක්‍රම සම්බන්ධයෙන් රජය ගැඹුරින් සිතා බැලිය යුතු බව ද මන්ත්‍රීවරයා කීවේය.
මහාචාර්ය ජී.එල්.පීරිස් මේ බව පැවසුවේ කොළඹ දී ඊයේ (7) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ජනතාවට බදු නොගසා හොරා කෑ ධනය මහා භාණ්ඩාගාරයට පවරා ගනු…! – ජී.එල්. පීරිස්
2022-11-08T08:36:00+05:30
Gossip Lanka Hot News





