gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බී වාර්තාවේ තොරතුරුත් එළියට – ඩයනා ලංකාවට ආවේ බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රයකින්!

සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රිධුරය අහෝසි කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් මහතා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබෙනවා. 
ඔහු ඊයේ (16) මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ඇයට එරෙහිව පවතින සාක්ෂි පිළිබඳව රජයේ පාර්ශ්වය, සමගි ජන බලවේගය මෙන්ම ජාතික ජන බලවේගයද දැනුවත් කළ නමුත් ඔවුන් කිසිවෙක් පියවරක් ගැනීමට ඉදිරිපත් නොවූ බවයි.

එහිදී ඔහු මෙසේ අදහස් දක්වා සිටියා,

“ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසියෙක් බවට මම පැමිණිලි කළා. CID විමර්ශනයක් සිදුකළා. 2021 අප්‍රේල් මාසයේ බී වාර්තාවක් නිකුත් කළා. බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රයක් භාවිත කරලා මෙරටට ඇවිත්. අද වෙනකම් ලංකාවේ ඉන්නේ විදේශ පුරවැසියෙක් ලෙස සජිත් ඇතුළු සමගි ජන බලවේගයේ පිරිස් දැනුවත් කළා. කවුරුත් ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. පොලිසිය සහ එවක ආණ්ඩුවත් වගකිව යුතුයි. අරගලයත් වගකිව යුතුයි. බී වාර්තාවත් ඔවුන්ට ලබාදුන්නා. අනුර කුමාරටත් කියලා තියෙනවා. බී වාර්තාව පාර්ලිමේන්තු සභාගත කරන්න විරුද්ධ වුණා. සමස්ත සමාජයම වගකියන්න ඕනේ මේකට”.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka