“මහින්ද සමග නැගිටිමු“ ජන රැළිය ගම්පහ සංවිධානය කිරීමට තමන් ඉදිරිපත් නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග පවසයි.
ප්‍රසන්න රණතුංග පවසන්නේ “මහින්ද සමග නැගිටිමු“ රැස්වීම් මාලාවේ ගම්පහ රැස්වීම සඳහා දෙසැම්බර් මස තමන්ටත් දිනයක් ලබා දී ඇති නමුත් එය තමන් විසින් සිදු නොකරන බවය.
නායකයින් සමග වේදිකාවට නැගිය යුත්තේ පසුගිය වකවානුවේ හිරිහැර වූ අයට සාධාරණයක් ඉටු කර, ගම් මට්ටමට ගොස් පාක්ෂිකයන් සංවිධානය කරමින් ඔවුන් ගේ දුර්මත නැතිකිරීමෙන් පසුව බව ඇමතිවරයා පෙන්වා දෙයි.
තමන් ලංකාවේ සිටියා නම් 22වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දෙන බව පවසන ප්‍රසන්න රණතුංග ඇමතිවරයා කියන්නේ ද්විත්ව පුරවැසි භාවය ආහෝසි කිරීම සම්බන්ධ වගන්තිය තිබේ නම් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය නොදෙන බව පැවසීම පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම්ගේ පුද්ගලික මතයක් බවය. පොහොට්ටුවේ එවැනි මතයක් නොතිබුණ බවය.
මේ අවස්ථාවේ දී තමන්ගේ පාක්ෂිකයන් සියයට 99ක් පවසන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග මේ ගමන යා යුතු බව යැයි පවසන ප්‍රසන්න රණතුංග ඉදිරියේ දී එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගතව මැතිවරණයක් වෙත යෑම කළ හැකි දෙයක් බව කියයි.
මහින්ද රාජපක්ෂ තමන්ගේ නායකයා ලෙස තමන් විසින් පිළිගන්නා නමුත් ඔහු දේශපාලනයේ සිටිය යුතු ද දේශපාලනයෙන් සමුගත යුතු ද යන්න තීරණය කළ යුත්තේ ඔහු විසින්ම බව ද ප්‍රසන්න රණතුංග පවසයි.
එම වීඩියෝව පහත දැක්වේ.