gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනතාව දුකින් මුදාගත්තට පස්සෙයි ඡන්දයක් තියන්නේ…

රට තුල මැතිවරණයක් පැවැත්විය යුත්තේ ජනතාව පිඩාවෙන් මුදා ගැනිමෙන් අනතුරුව බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසිය.

පාලිත රංගේ බණ්ඩාර මහතා ඒ බැව් කියා සිටියේ නාවලපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියේ,

‘ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනාවක් කරලා තියෙනවා පළාත් පාලන මන්ත්‍රිවරුන්ගේ බර රටේ ජනතාවට දැරිමට අපහසු නිසා 8000 පමණ සිටින එම මන්ත්‍රි සංඛ්‍යාව 4000 දක්වා අඩු කිරිමට.

ඒකට කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා , ඒ නිසා විෂය භාර ඇමතිවරයාට පුළුවන් සිමා නිර්ණය කිරිමට යෝජනා ඉදිරිපත් කරන්න කම්ටුවක් පත් කරන්න.

කොමිසමක් නෙවෙයි කමිටුවක් , ඒ සදහා හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා , රවි ජයලත් දිසානායක මහතා ඇතුළු පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉදිරිපත් කරලා තියෙනවා.

ඒ අයට දිලා තියෙන උපදේශය තමයි 4000 පමණ සභික සංඛ්‍යාවක්  තොරාපත් කර ගැනිම සදහා අධ්‍යනය කරලා වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා.

අද දේශපාලනය කිරිමේ අවශ්‍යතාවයක් නෙවෙයි රටේ ජනතාවට තියෙන්නේ, දේශපාලන රැස්විම් වලට , උද්ඝෝෂණ වලට ජනතාව සහභාගි වෙන්නේ නැ , උද්ඝෝෂණ සංවිධානය කරන අයට හූ කියලා ජනතාව පන්නනවා.

දැන් ජනතාවට තියෙන්නේ ජිවත් විමේ ප්‍රශ්නය , ඉන්ධන , ගැස් , ඖෂධ , අධ්‍යාපනය සම්බන්ධයෙන් තමයි ජනතාව අවධානය යොමු කරන්නේ , දේශපාලන පිලිබදව අවධානය යොමු කරන්නේ නැ.

එක්සත් ජාතික පක්ෂය සියළුම පක්ෂ සමග තමයි කටයුතු කරන්නේ , තනි පක්ෂයක් වශයෙන් මේ රට ගොඩ ගන්න බැ කියලා අපි තේරුම්ගෙන තියෙනවා.

ඒ නිසා සියළුම පක්ෂ එක්ක තමයි එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් පිහිට වන්නේ.

අපි මැතිවරණ කල් දමන්නේ නැ , අපිට අවාසිදායක අවස්තා බොහෝමයකදි අපි මැතිවරණ පවත්වලා තියෙනවා.

මැතිවරණයක් පවත්වන්න ඕනි මේ රටේ ජනතාව මේ විදින පිඩනයෙන් මුදවලා, ඒ බරත් ජනතාව පිට පැටවෙන්නේ නැති වෙන්න.

එම නිසා තමයි පළාත් පාලන මන්ත්‍රිවරුන් 8000 සිට 4000 දක්වා අඩු කරන්න හදන්නේ , මොකද ඒ කාලයේ පළාත් පාලන මන්ත්‍රිවරුන්ට තිබුණ වැඩ කොටස දැන් මන්ත්‍රිවරුන්ට නැ’ යනුවෙන් පැවසිය.

– රංජිත් රාජපක්ෂ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka