gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

චාමික විසිවුනේ බුදු පහන නිසා ද?. ආගමක් නිසා කොන් වෙන්න දෙන්නෙ නෑ… තදින් ක්‍රියාකරන බව ඇමති කියයි!

ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව මෙතෙක් කිසිවෙක් නොගත් බරපතල තීන්දු කීපයක් ඉදිරියේදී තමන් විසින් ගන්නා ආකාරය රටට බලාගත හැකි වනු ඇතැයි ක්‍රිඩා ඇමති රොෂාන් රණසිංහ පැවසුවේය.
ඔහු මේ බව පැවසුවේ නෙත් එෆ්.එම් ගුවන්විදුලියේ රතුකට්ට විශේෂාංගයට එක් වෙමිනි.

බුදු හාමුදුරුවන් වෙනුවෙන් බුදු  පහනක් පත්තු කිරීම හේතුවෙන්  ප්‍රශ්නගතව සිටින චාමික කරුණාරත්නගේ සිදුවීම ඇතුළු ඔස්ට්‍රේලියානු සංචාරයේ දී සිදුවූ සියලු සිදුවීම් සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පත් කරන බව කී ඇමතිවරයා ආගමික කල්ලිවල බලපෑම සම්බන්ධව අසෙන කතා ගැන තමන් දැනුම්වත් බවත් ඒ සම්බන්ධව ක්‍රීඩකයින් කීප දෙනෙකුගෙන්ම තොරතුරු ලැබී ඇති බවත් පැවසුවේය. ඇමතිවරයා ආගමක් හේතුවෙන් කිසිම ක්‍රීඩකයෙකුට කොන් වීමට ඉඩ නොතබන බවද පැවසුවේය.  ඒ සම්බන්ධව තදින් ක්‍රියා කරන බවත් ඇමතිවරයා කීවේය.

ඇෆ්ගනිස්ථාන තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායට තරග වැදීමට අමාත්‍යවරයා වශයෙන් තමා අනුමැතිය දී නැතැයි අමාත්‍යවරයා පැවසුවේය.

කණ්ඩායම තේරීමේ දී ඇති වී තිබෙන බරපතල ප්‍රශ්න හේතුවෙන් තමන් අනුමැතිය ලබා නොදුන් නමුත් තරගාවලිය පැවැත්වීම සඳහා    ලේකම්වරයා හරහා  අමාත්‍යංශ මට්ටමින් එම අනුමැතිය ලබා දුන් බවය.

“මෙතන දීර්ඝ කතාවක් තියනවා. මගේ අත්සනට ෆයිල්  එක එන වෙලාවෙ  ප්‍රශ්නයක් තිබ්බා. ගරු මන්ත්‍රීවරුන් මගෙන් අහනවා   ඇයි මේ කණ්ඩායම තේරීමේ දී එක් දින තරග මාලාවේ දස්කම් අතර ඉහළින්ම ඉන්නා චාමික කරුණාරත්නව තෝරලා නැත්තෙ කියලා.

චාමිකට මුලින්ම තිබුණෙ විනය කඩ කිරීමේ චෝදනාවක්. දෙවෙනියට තිබ්බේ ඔහු කුසලතා අතර නෑ කියලා.    මේ තේරීමේ දී මම යම් ගැටලුවක් පැහැදිලිවම දකිනවා

“කොළඹ රැඳී ඉන්න වෙලාවෙ තේරීම් කමිටුවෙ සභාපතිත් ගෙන්වලා මේ ගැන ප්‍රශ්න කළා.  ප්‍රධානම ප්‍රශ්නය මේකයි.  ජාතික තේරීම් කමිටුව හැම කණ්ඩායමක්ම නිරීක්ෂණය කරලා තමයි මගෙ අනුමැතියට එවන්නේ.  මෙතන ගැටලුවක් තියනවා.  ජාතික තේරීම් කමිටුවටත් මේ ක්‍රිකට් තේරීම් කමිටුව සම්බන්ධව වගකීමක් දරන්නෙ නෑ. ඉතින් මේ ප්‍රශ්නයත් එක්ක අමාත්‍යාංශ මට්ටමින් ඒ අනුමැතිය ලබා දෙන්න කියලා මා පැහැදිලිව කිව්වෙ.“

“මේ වනවිට මට පනතින් ලැබී ඇති බලතල ප්‍රකාරව ජාතික තේරීම් කමිටුවට වග කියන තේරීම් කමිටුවක් වෙනුවෙන් නාම යෝජනා එවන්න කියලා මා ක්‍රිකට් ආයතනයට දැනුම් දීලා තියනවා.“

තව ටික දවසකින් ඔබට දැක ගන්න  පුලුවන් වේවි… ක්‍රීඩාව සම්බන්ධව එදා මෙදා තුළ ලබා නොගත් තීන්දු කීපයක් ලබා ගන්න මා බලාපොරොත්තුව ඉන්නවා. “ ඇමතිවරයා කීවේය.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka