gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෛත්‍රී ගියේ ශ්‍රීලනිපයේ වැඩසටහනකට නොවේ! මාධ්‍ය ලේකම්ගෙන් නිවේදනයක්!

2022 නොවැම්බර් මස 26 වන දින පෙ.ව. 10.00 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති බුද්ධිමය අරගලය නමින් “රට ගොඩනගන අර්බුද විසඳන ජාතික සංවර්ධන සැලසුම” යන තේමාව යටතේ පැවති වැඩසටහනට හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී වූයේ එහි සංවිධායක කමිටුව විසින් කරන ලද ආරාධනාවක් මත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රචාරක ලේකම් තිසර ගුණසිංහ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම වැඩසටහන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ සිය පක්ෂයට වක්‍රව හෝ සම්බන්ධ කිසිදු වැඩසටහනක් නොවන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එම මාධ්‍ය නිවේදනය පහතින්,

2022 නොවැම්බර් මස 26 වන දින පෙ.ව. 10.00 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති බුද්ධිමය අරගලය නමින් “රට ගොඩනගන අර්බුද විසඳන ජාතික සංවර්ධන සැලසුම” යන තේමාව යටතේ පැවති වැඩසටහන සඳහා 6 වන විධායක ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත එහි සංවිධායක කමිටුව විසින් කරන ලද ආරාධනාවක් මත එතුමා එයට සහභාගි වූවා මිස එය ඇතැම් මාධ්‍ය ආයතන හුවා දක්වන අන්දමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෝ අප පක්ෂයට වක්‍රව හෝ සම්බන්ධ කිසිදු වැඩසටහනක් නොවන බව තරයේ ප්‍රකාශ කරමි.
එය හුදෙක්ම අප රට වැටී ඇති අර්බුදකාරී වාතාවරණය තුළ රටේ යම් පුරවැසි කණ්ඩායමක් විසින් දියත් කරනු ලැබූ වැඩසටහනකට, එය රටට යහපත් කාර්යයක් බැවින් දේශපාලන පක්ෂ නායකයෙකු ලෙස තම යුතුකම ඉටු කරනු වස් ඔවුන්ගේ ආරාධනය මත සහභාගි වූ බවද වැඩිදුරටත් ප්‍රකාශ කරමි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka