gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජනාධිපති අපට සිවුරු පොරවාගත් බට්ටන් කිවුවා…

පැවිද්දන් පැවිද්දන්ගේ වැඩ බලාගෙන ඉන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බවත් මින් පෙර කිසිදු නායකයෙක් මෙවන් කතාවක් කියා නැති බවත් පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියෝ සඳහන් කරති. 
පැවිද්දන් පැවිද්දන්ගේ වැඩ හරියට කළ නිසා අදටත් මේ රට රැකී ඇතැයි ද උන්වහන්සේ කියා සිටියහ.

රට ආරක්ෂා වී රනිල් වික්‍රමසිංහ මහතාට ඔය පුටුවේ වාඩි වෙන්නට හැකියාව ලැබුණේද පැවිද්දන් පැවිද්දන්ගේ වැඩ හරියට කළ නිසා බවද උන්වහන්සේ පැවසූහ.

භික්ෂූන් වහන්සේලාට සිවුරු පොරවාගත් බට්ටන් ඇයි ඇමතීමට තරම් රනිල් වික්‍රමසිංහ මහතා නැහැදිච්ච මිනිහෙක් වී ඇතැයි ද උන්වහන්සේ තවදුරටත් කියා සිටියහ.

මෙම ප්‍රකාශය මෙරට තිස් හතළිස් දහසක් වන භික්ෂූන් වහන්සේලාට කරන ලද බරපතල අපහාසයක් බව ද උන්වහන්සේ තවදුරටත් කියා සිටියහ.

මාධ්‍ය හමුවක් අමතමින් සිරිසුමන හිමියන් මෙම අදහස් පල කරන ලදී.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka