gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගණිකා ජාවාරම් කළ ඕමාන එම්බසි ලොක්කා හා 57ක් කොටුවෙයි!

ගෘහ සේවිකාවන් ලෙස රැකියා ලබා දෙන බව පවසා ඕමානයට කාන්තාවන් රැගෙන ගොස් ගණිකා වෘත්තියේ යෙදවීමේ ජාවාරමට සම්බන්ධ ඒජන්සිකරුවන්, රජයේ නිලධාරීන් ඇතුළුව පනස් හත් දෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

එම පිරිස අතරට විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඕමාන තානාපති කාර්යාලයට පත් කළ නිලධාරියකුද සිටින බවත්, ඔහු එරට රැකියාවට ගිය කාන්තාවන් බලහත්කාරයෙන් දූෂණය කළ අයකු ලෙස හඳුනාගෙන ඇති බවත් මේ සියල්ල ළඟදීම ජනාධිපතිවරයාට ලබාදීමට නියමිත වාර්තාවේද සඳහන් බවත් පොලිසිය පවසයි.

එම නිලධාරියාට එරෙහිව දූෂණයට ලක් වූ කාන්තාවන් විසිදෙනකු පැමිණිලි මෙරටට රැගෙන විත් ඇත.

මැද පෙරදිග රටවලට කාන්තාවන් රැගෙන ගොස් ගණිකා වෘත්තියේ යෙදවීමට සම්බන්ධවූවන් සොයා බැලීමට ජනපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ඕමානයට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය ඔත්තු සේවාවේ නිලධාරීන් මෙම තොරතුරු හෙළිකරගෙන තිබේ.

මෙම ජාවාරමට ප්‍රධාන පෙලේ විදේශ රැකියා ඒජන්සි දොළහක්, උප ඒජන්සි හතක්, ඕමානයේ සිටින ශ්‍රී ලාංකික බ්‍රෝකර්වරුන් හතක්, ඩුබායිහි සිටින බ්‍රෝකර්වරුන් හතක් හා ලංකාවේ සිටින බ්‍රෝකර්වරුන් පහළොවක් දැනට සාක්ෂි සහිතව හඳුනාගෙන ඇති බවද වාර්තා වේ.

මෙම ජාවාරම්කරුවන් රටේ සෑම තැනකම සිටින දික්කසාද වූ තරුණියන්, ස්වාමියා මත්ද්‍රව්‍යවලට හුරු වූ කාන්තාවන්, ආර්ථික අපහසුතා ඇති කාන්තාවන් හඳුනාගෙන ඔවුන් එක් රැස්කිරීමට ග්‍රාමීය මට්ටමින් උප ඒජන්තවරුන් පත්කර ඇතැයි ද හෙළි වී තිබේ.

එහිදී එම හඳුනාගන්නා කාන්තාවන්ට විදෙස් රැකියා දෙන බව කියා රුපියල් හතළිස් දහසක් අතට දී දවසින් කොළඹට රැගෙනවිත් එක්දින සේවාව යටතේ ගුවන් ගමන් බලපත්‍ර පවා සකස් කරදීම සිදුකරන බවද හෙළි වී ඇත.

සංචාරක වීසා මගින් මෙම කාන්තාවන් ඩුබායි වෙත යැවෙන අතර එහි දී තැරැව්කරුවන් මෙම කාන්තාවන් ගුවන් තොටුපොළෙන් භාරගෙන වාහනවලින් අල්බුරෙහි දේශ සීමාව හරහා බස්මගින් ඕමානයට රැගෙන යන බව හෙළි වී ඇත. 

ඕමානයේ මස්කට් ගුවන් තොටුපොළින් සෘජුවම රැගෙන එන අයවද ඒජන්සිකරුවන් ඔවුන්ගේ රැඳවුම් මධ්‍යස්ථානයට ගෙන එන බව හෙළි වී ඇත.

ඩුබායි හා ඕමාන් ඔස්සේ රැඳවුම් මධ්‍යස්ථානයට රැගෙන විත් එම කාන්තාවන්ගේ දුරකතන හා ගමන් බලපත්‍ර ජාවාරම්කරුවන් භාරයට ගෙන කාන්තාවන්ගේ වීඩියෝවක් ගෘහ සේවිකාවන් සොයන ඒජන්සි වෙත යොමුකරන්නේය.

මෙසේ අසරණ වූ කාන්තාවන් රඳවා තබන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඕමාන රැඳවුම් මධ්‍යස්ථානයේ කාන්තාවන්ද අතවරයට ලක්ව ඇතැයි ද හෙළි වී තිබේ.

මේ අතර, මෙම චෝදනාවට ලක්වන නිලධාරියා සම්බන්ධ වාර්තාව තමන් වෙත මෙතෙක් ලැබී නොමැති බවත් විමර්ශන වාර්තාව ලද විගස ඔහුට විරුද්ධව පියවර ගන්නා බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ මහතා මාධ්‍යට හෙළිකර ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka