තමන්ව අඹුකමට තබාගෙන සිටි තරුණයාගෙන් බරපතල පහර කෑමට ලක්වීම හේතුවෙන් ඊයේ (10) ගම්පහ රෝහලේදී මිය ගිය 15 හැවිරිදි දැරිය අධිකරණ නියෝග මත පරිවාස භරයට පත් කළ පසු පරිවාස භාරයෙන් පැන විත් මාස 10ක් යනතුරුත් ඇය පැන ගොස් ඇති බව එම පරිවාස නිලධාරීන් විසින් පොලිසියට දැනුම් දී නැතැයි පොලිස් දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.
ඉලන්දාරි පේඩිගේ නදිනි ප්‍රියංගනී තත්සරණි නැමති මෙම දැරිය වයස අවරුදු 13 දී චූදිත තරුණයා සමග පැන ගොස් එකට ජීවත් වෙමින් සිටිය දී වේයන්ගොඩ පොලිිසිය මගින් අත්අඩංගුවට ගෙන පරිවාස භාරයට යොමු කර එම තරුණයා සහ තරුණයාගේ මව අත්අඩංගුවට ගෙන බාල වයස්කාර දැරියක් අපරහරණය හා ස්ත්‍රී දූෂණ චෝදනා මත අධිකරණයට යොමු කර තිබිණි.
අනතුරුව පරිවාස භාරයේ සිටි දැරිය පසුගිය ජනවාරි මස 31 දා පරිවාස භාරයෙන් පැනවිත් මෙම තරුණයා සමග යළිත් ජීවත් වීමට පටන් ගෙන ඇත.
තරුණයා ගම්පහ ප්‍රදේශයේ කුලී නිවස මෙම දැරිය සමග ජීවත් වී අනතුරුව බෙම්මුල්ල බුලත්ගංගොඩ සිය නිවසේ ඇය සමග ජීවත් වෙමින් සිට ඇත.
මේ දැරිය පරිවාස භාරයෙන් පැනවිත් තරුණයෙක් සමග ජීවත්වන බව පරිවාස දෙපාර්තමේන්තුව, ගමේ ග්‍රාම නිලධාරීවරයා, දැරියගේ දෙමව්පියන් හෝ තරුණයාගේ දෙමව්පියන් පොලිසිය දැනුම්වත් කර නැතැයි පොලිසිය පවසයි.
කෙසේ වෙතත් මෙම තරුණයා සහ දැරිය අතර දැඩි ආරවුල් හටගන්නට පටන්ගෙන දැරියට අමානුෂික පහරදීම් නිතිපතාම මෙන් සිදුවී ඇති බවත් මේ තත්ත්වය හේතුවෙන් තරුණයාගේ දෙමව්පියන් රාත්‍රි කාලයේ නිදා ගැනීම සඳහා තමන්ගේ ඥාති නිවෙස්වලට යෑමට පුරුදු වී සිටි බවත් පොලිසිය පවසයි.
මේ ආකාරයෙන් තරුණයාගේ බරපතල පහකෑමට ලක් වී දැරිය සිහිසුන් වී ඇති අතර ඊයේ උදේ ඔහු සිය මිතුරෙක් සමග දැරිය රැගෙන ගම්පහ රෝහලට ගොස් ඇත.
එහිදී දැරිය මිය ගොස් ඇති බව දැනගත් වහාම මෙම තරුණයින් දෙදෙනා රෝහලින් පලා ගොස් තිබේ.
මේ වනවිට සැකරකා තරුණයා, ඔහුගේ මිතුරා, දැරිය රෝහලට රැගෙන ගිය වාහනය, අත්අඩංගුවට ගෙන විමර්ශන අරඹා ඇත.
අද සවස දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය ගම්පහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා ඉදිරියේ සිදුකිරීමට නියමිතව තිබිණි.
- lankasara
