අද පාර්ලිමේන්තුවේදී විපක්ෂයම එකතු වෙයි! විශේෂ ප්‍රකාශයකට අස්සන් තියන්න සියල්ල ලෑස්තියි!
මැතිවරණ සංශෝධන ගෙන එන බව කියමින් මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව දරන උථ්සාහය පරාජය කිරීම සදහා විපක්ෂයේ සියලු පක්ෂ අද දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයකට අස්සන් තැබීමට නියමිතය.
අද පෙරවරු 11ට මෙම පාර්ලිමේන්තු කමිටු ශාලා අංක 8දී මෙම අස්සන් තැබීම සිදු කෙරේ.
සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, 43වන සේනාංකය, දෙමළ ජාතික සන්ධානය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, නව ලංකා නිදහස් පක්ෂය ඇතුලු තවත් සංවිධාන රැසක් මෙම අවස්ථාවට එක්වීමට නියමිතය.
සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, 43වන සේනාංකය, දෙමළ ජාතික සන්ධානය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, නව ලංකා නිදහස් පක්ෂය ඇතුලු තවත් සංවිධාන රැසක් මෙම අවස්ථාවට එක්වීමට නියමිතය.
අද පාර්ලිමේන්තුවේදී විපක්ෂයම එකතු වෙයි! විශේෂ ප්‍රකාශයකට අස්සන් තියන්න සියල්ල ලෑස්තියි!
2022-10-20T09:17:00+05:30
Gossip Lanka Hot News