gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල් හදිසියේම ගෝඨා හමුවෙයි! ආණ්ඩුවේ අලුත් පත් කිරීම් ගැනත් කතා වෙයි!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.

එම හමුව සිදුව ඇත්තේ පසුගිය 16 වැනිදා හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල නිවසේදීයි. 
මෙම හමුවේ අරමුණ වී ඇත්තේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා පොහොට්ටුව පාර්ශ්වයේ සහයෝගය ලබාගැනීමට ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිගේ යම් මැදිහත්වීමක් ලබාගැනීම බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් හුදෙක්  22 වැනි සංශෝධනය පිළිබඳ කතාවකට මෙම සාකච්ඡාව සීමා නොවූ බව දේශපාලන ආරංචි මාර්ග පැවසුවා.

ආණ්ඩුවේ ඉදිරි තීරණ සහ වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් දෙදෙනා අතර සාකච්ඡා කර තිබෙනවා.

විශේෂයෙන්ම ආරක්ෂක ප්‍රධානීන්ගේ විශ්‍රාම යාම් සහ නව පත්කිරීම් පිළිබඳව ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කළ බව එම ආරංචි මාර්ග තහවුරු කළා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka