22 වැනි ව්‍යවස්ථා සංශෝධනය මුල් කරගෙන රාජපක්ෂ පවුල අභ්‍යන්තරයේ බරපතළ පිපුරුමක් මතුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.ඒ සඳහා හේතුවී ඇත්තේ රාජපක්ෂ පවුලේ කිහිප දෙනකු 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළකළ යුතු බවට පොදුජන පෙරමුණට දැනුම්දී තිබියදී එම පවුලේ ජ්‍යෙෂ්ඨයා වන චමල් රාජපක්ෂ මහතා විසින් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ විය යුතු බවට පොහොට්ටු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු හමුවේ අදහස් ප්‍රකාශ කර තිබීමය.
එමෙන්ම චමල් රාජපක්ෂ මහතා මෙහිදී බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව අදහස් පළ කොට ඇති බවත්, බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පිවිසීමට අවශ්‍ය නම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ද්විත්ව පුරවැසිභාවය අහෝසි කරගත් ආකාරයටම ද්විත්ව පුරවැසිභාවය අහෝසි කරගත යුතු බව ප්‍රකාශ කොට ඇති බවත් දැනගන්නට තිබේ.
එමෙන්ම නාමල් රාජපක්ෂ මහතාට පොහොට්ටුවේ ජාතික සංවිධායක ධුරය ලබාදීමට ඇති සූදානම පිළිබඳ චමල් රාජපක්ෂ මහතා විරෝධය පළකොට ඇති බවද දැනගන්නට තිබේ. ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා පසුගිය දිනවල කැඳවූ කිසිදු සාකච්ඡාවකට චමල් රාජපක්ෂ මහතා හෝ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සහභාගි වී නොමැති බවද වාර්තා වේ.
මීට අමතරව නාමල් රාජපක්ෂ මහතා මෙන්ම ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාද තමන්ට හිතවත් පොහොට්ටු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සමග වෙන් වෙන්ව කටයුතු කරන බවද දැනගන්නට තිබේ.
කෙසේ වෙතත් මේ පසුබිම යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බවත්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චමල් රාජපක්ෂ මහතා සමග එක්ව කටයුතු කරන බවත් දැනගන්නට ඇත.