UPDATE : වරකපොළ පස්කන්දට යටවූ මවගේත් පුතාගේත් සිරුරු හමුවෙයි
පවතින අධික වැසි හේතුවෙන් ඊයේ දින වරකපොළ, තුඹලියද්ද ප්‍රදේශයේ දෙමහල් නිවසක් මතට ඊයේ දින පස් කන්දක් කඩා වැටී තිබුණි. එම අවස්ථාවේ දී නිවස තුළ මව, පියා සහ පුතා සිට ඇති අතර ඊයේ සවස 4.30 පමණ සුන්බුන් අතර සිර වී සිටි පියාව බේරා ගෙන තිබේ. එහිදී ඔහුව ප්‍රතිකාර සඳහා වරකපොළ රෝහල වෙත යොමු කෙරුණි.
අද (15) අළුයම 4.10ට පමණ නිවසේ සුන්බුන්වලට යට වී මියගොස් සිටි වයස 48 වූ මවගේ සිරුර හමු වී තිබේ. යුද්ධ හමුදා සෙබළුන්, පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් සිදු කළ මෙහෙයුමකින් වයස 24ක් වූ පුතාගේ සිරුර ද සොයා ගෙන තිබේ.
UPDATE : වරකපොළ පස්කන්දට යටවූ මවගේත් පුතාගේත් සිරුරු හමුවෙයි
2022-10-15T12:40:00+05:30
Gossip Lanka Hot News






