gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඒ කාලේ මට හැමෝම උදව් කළා!

තමා ජනාධිපති ධුරය දරන සමයේ දී පැවති ආකාරයේ මිත්‍රශිලි විදේශ ප්‍රතිපත්තියක් රටේ නොමැති වීම පවතින අර්බුදකාරි තත්ත්වය උග්‍රවීමට හේතු වී ඇති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 
හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ පසුගිය වසර තුනක කාලය තුළ ගනු ලැබු තීන්දු තීරණ ජනතාව අතර මෙන්ම රජය තුළ ද දැඩි ප්‍රශ්නකාරී තත්ත්වයක් නිර්මාණය කර ඇති බවය.

ඒ පොළොන්නරුව ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම අදහස් පළ කළේය.

ඔහු වැඩිදුරටත් දැක්වු අදහස් මෙසේය.

“අපි හැමවේලේම ආණ්ඩුවට මේ ප්‍රශ්න කථාකරනවා ජීවන වියදම, බඩු මිල,‌ බෙහෙත් හිඟය. මේ කරණු හැමවේලේම කියනවා. නමුත් ආණ්ඩුවත් බරපතළ ආර්ථික අමාරුකමක ඉන්නේ, නමුත් අන්තර්ජාතික වශයෙන් මම ජනාධිපති ධුරය දරන කාලයේ කිසිම බේදයක් නැතුව ලෝකයේ සියලුම රටවල් අපිට උදව් කළා. යුරෝපයේ ද, අමෙරිකාවද, චීනයද, ඉන්දියාවද, රුසියාවද, ලෝකයේ අනෙක් රටවල් හැම එකක්ම අපිට උදව් කළා. ඒ මගේ විදේශ ප්‍රතිපත්තිය නිසා. මම සෑමකෙනෙක් එක්කම හොඳ යහපත් තත්ත්වයෙන් සම්බන්ධතා පවත්වාගෙන ගිය නිසා. ඉතින් පසුකාලිනව විශේෂයෙන් පසුගිය අවුරුදු 3 ඔබ තමුන්නාසේලා දන්නවා සිදුවුණ සිදුවීම් තුළ මේ රට අමාරුකම්වලට පත්වෙලා තියෙනවා.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka