කොළඹ කොටුවේ පිහිටි ද වන් (The One) නමින් හඳුන්වන ක්‍රිෂ් සමාගම විසින් අලුතින් පිහිටුවන ලද මිශ්‍ර ආයෝජන ව්‍යාපෘතියේ ප්‍රධාන විධායක නිලධාරිනිය වන ජානකි සිරිවර්ධන ගේ රෙකමදාරුව යටතේ තිළිණි ප්‍රියමාලි රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් තැන්පත් කළ මොරටුව ප්‍රදේශයේ ජංගම දුරකථන ව්‍යාපාරිකයෙක් ඊයේ ( 27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර තිබේ.
තිළිණි ප්‍රියමාලි තිකෝ සමූහ ව්‍යාපාරය සඳහා ලබා ගත් ආයෝජන රාජපක්ෂවරුන්ගේ සමීපතමයෙක් බව කියන ජානකී සිරිවර්ධනගේ මිශ්‍ර අයෝජන ව්‍යාපෘතියේ ආයෝජනය කළ බවට තිළිණි ප්‍රියමාලි බන්ධනාගාරයේ සිට ලබා දුන් කටඋත්තරයක් හා අසාද් සාලි විසින් ලබා දුන් කටඋත්තරයකට අනුව මින් පෙර අවස්ථාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජානකී සිරිවර්ධනගෙන් ප්‍රශ්න කර තිබිණි.
අද පානදුරේ දුරකථන ව්‍යාපාරිකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර ඇත්තේ තමන් කිසිදාක දැන නොසිටි තිළිණි ප්‍රියමාලි නැමැති කාන්තාව හඳුන්වා දෙන්නේ ජානකී සිරිවර්ධන බවත්, තිළිණි ලඟ මුදල් තැන්පත් කරන්නේ ජානකී ගෙන් ලද රෙකමදාරුව නිසා බවත්ය.
ඔහු එම මුදල තැන්පත් කර ඇත්තේ තිළිණි ප්‍රියමාලිගෙන් වෙළඳපලේ මිලට වඩා අඩු මිලකට ඩොලර් මිලදී ගැනීම සඳහාය.
ඔහු ප්‍රකාශ කර ඇති පරිදි සිද්ධිය මෙසේය.
ජානකී සිරිවර්ධන මෙම දුරකථන ව්‍යාපාරිකයා කලක සිට හඳුනන ඔහුගේ හොඳ ගැනුම් කරුවන්ගෙන් කෙනෙකි. අරගලය වකවානුවේ දි ජානකී සිරිවර්ධන මෙම ව්‍යාපාරිකයාට දුරකථන ඇමතුමක් ලබා දී තමන්ගේ යෙහෙළියකට දුරකථනයක් අවශ්‍ය බවත් එම මාදිලියේ දුරකථනයත් රැගෙන සිය නිවසට පැමිණෙන ලෙසත් දන්වා තිබේ.
එම දැන්වීම අනුව එම ව්‍යාපාරිකයා දුරකථනයත් රැගෙන ජානකී සිරිවර්ධනගේ නිවසට යනවිට නිවසේ සිටි තිළිණි ප්‍රියමාලි දැක ඇත. ඇය විශාල ඩොලර් ප්‍රමාණයක් වටේ තබාගෙන ඒවා ගනිමින් සිට තිබේ.
මෙහි දී ජානකී සිරිවර්ධන පවසා ඇත්තේ ඩොලර් රාජපක්ෂලා සන්තකව තිබුණු ඒවා බවත්, පවතින තත්ත්වය තුළ වහාම මෙම මුදල් රුපියල් බවට පත්කිරීම අවශ්‍ය වී ඇති බවත් වෙළෙඳපලේ මිලට වඩා අඩු මිලකට ඩොලර් ලබා ගැනීම සඳහා තිළිණිව හඳුනා ගන්නා ලෙසත්ය.
ඇය පවසා ඇත්තේ තිළිනි ප්‍රියමාලි විශ්වාසයෙන් යුතුව මුදල් ආයෝජනය කළ හැකි ව්‍යාපාරිකයෙක් බවය.
මේ රෙකමදාරුව සමග තමන් ඇස් දෙකින් දුටු දේත් සිහියේ තබාගෙන ව්‍යාපාරිකයා මුලින්ම තමන් සන්තයේ තිබූ ලක්ෂ පනහක මුදලක් තිළිණි ප්‍රියමාලි වෙත ලබා දී ඇත. එ අවස්ථාවේදීම ඔහුට පොරොන්දු වූ ගැනුම් මිලට ලක්ෂ 50ට අදාල ඩොලර් ප්‍රමාණය ලබා දීමට ප්‍රියමාලි කටයුතු කර තිබේ.
මේ විශ්වාසයත් සමග ව්‍යාපාරිකයා අසීරුවෙන් එකතු කරගත් කෝටි හතරක මුදලක් ඩොලර් ලබා ගැනීමට ප්‍රියමාලි වෙත ලබා දී ඇත.
එම මුදල් ලබාගෙන ටික දිනයක් යන විට මෙම කාන්තාවගේ හැසිරීම වෙනස් වී තිබේ. රටේ පවතින තත්ත්වය මත ඩොලර් ලබා දීම අපහසු වී ඇති ආකාරය දන්වමින් ඇය ඔහුගේ මුදල් ලබා දීම ද මග හැර තිබේ.
මේ සම්බන්ධව සැකයක් ඇති වූ වහාම ව්‍යාපාරිකයා සිය මුදල නැවත වරක් ඉල්ලා ඇත. අනතුරුව ඒ මුදල් වෙනුවෙන් ප්‍රියමාලි ලබා දී ඇති චෙක්පත් අවස්ථා කීපයක දී අගරු වී තිබේ.
ඉතාම අසීරු තත්ත්වයකට පත් වී සිටි ව්‍යාපාරිකයා කළ යුත්තේ කුමක් දැයි වටහාගත නොහැකිව සිටියදී තිළිණි ප්‍රියමාලි පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ.
ඒ අනුව ඔහු අද ඒ සිද්ධිය විස්තර කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිය පැමිණිල්ල සටහන් කර ඇත.
- lankasara
