gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝඨා ඇරඹූ “ඉටුකම” අරමුදල රනිල්ගේ ආණ්ඩුව වසා දමයි! කැබිනට් තීන්දුවකුත් ගනී!

“ඉටුකම කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල” වසා දැමීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ලේකම් ආචාර්ය තාරක ලියනපතිරන මහතා සඳහන් කළේ ඒ අනුව “කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල” නමින් ලංකා බැංකුවේ ආයතනික ශාඛාවේ පවත්වාගෙන යනු ලැබූ අංක 85737373 දරන නිල බැංකු ගිණුම 2022 ඔක්තෝබර් මස 18 වන දිනෙන් පසු ක්‍රියාත්මක නොවන බවයි. 
මේ හේතුවෙන් එම ගිණුම සඳහා මුදල් බැර නොකරන ලෙසත්, එම ගිණුමට බැර කිරීම සඳහා තවදුරටත් චෙක්පත් හා මුදල් ජනාධිපති කාර්යාලය වෙත යොමු නොකරන ලෙසත් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය පරිත්‍යාගශීලින්ට දැනුම් දෙනවා.

කොවිඩ් අරමුදල සඳහා රුපියල් දෙසිය විසිකෝටි හැත්තෑ එක් ලක්ෂ හැට හතරදහස් හත්සිය අසූ පහයි ශත පනස් අටක් (රු. 2,207,164,785.58 ) පරිත්‍යාගශීලීන්ගෙන් මෙම ගිණුමට ලැබී තිබෙනවා.

2022 ඔක්තෝබර් 18 වැනිදා වන විට කොවිඩ් අරමුදලේ ඉතිරිව ඇති මුදල් ප්‍රමාණය රුපියල් විසි එක්කෝටි හැට අට ලක්ෂ හැත්තෑ හත්දහස් හාරසිය තිස් එකයි ශත පහක් (රු.216877431.05) වන අතර, එය ජනාධිපති අරමුදලට බැර කිරීමට කටයුතු කර ඇති අතර ශ්‍රී ලංකා පුරවැසියන්හට ජනාධිපති අරමුදල මඟින් සැත්කම් හා ප්‍රතිකාර වෙනුවෙන් වෛද්‍යාධාර ලබාදීම සිදු කරනු ලබයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka