බැසිල් අමෙරිකානු පුරවැසි බව අතාරින්න තීන්දු කරයි! EXCLUSIVE
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා වන බැසිල් රාජපක්ෂ මහතා සිය අමෙරිකානු ද්විත්ව පුරවැසිභාවය අතහැරීමට තීන්දු කර ඇති බව අතිශය විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුර කරයි.
ඒ අනුව මේ වනවිටත් බැසිල් රාජපක්ෂ මහතා ඊට අදාළ ලියකියවිලි සකස් කරමින් සිටින බව දැනගන්නට තිබේ
එම ලියකියවිලි අමෙරිකානු බලධාරීන් වෙත බාරදීමෙන් පසු බැසිල් රාජපක්ෂ මහතා ලංකාවට පැමිණීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
එසේ පැමිණීමෙන් පසු සිය සම්පූර්ණ කාලයම දේශපාලනයට යෙදවීමටත්, පොහොට්ටුව යළි ප්‍රතිසංවිධානය කිරීමටත් යෙදවීමට ඒ මහතා තීරණය කොට ඇති බව පැවසේ.
බොහෝ දෙනා චෝදනා කර සිටින්නේ 22 වන සංශෝධනය බැසිල් රාජපක්ෂ මහතා ඉලක්ක කොට ගත් එකක් බවත්, ඒ මහතාගේ දේශපාලනය අවසන් කිරීම සදහා මෙම සංශෝධනය රැගෙන ආ බවත්ය.
බැසිල් අමෙරිකානු පුරවැසි බව අතාරින්න තීන්දු කරයි! EXCLUSIVE
2022-10-23T12:02:00+05:30
Gossip Lanka Hot News






