ඉරානයේ හාජි නෑව්ව ගමන් මළා... අපි එකතු වෙලා ආණ්ඩුවත් නාවනවා – ඩලස්
මැතිවරණ ක්‍රමය පිළිබඳ තේරීම් කාරක සභා පත්කිරීමේ අරමුණ මැතිවරණය කල් දැමීම බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.
ආණ්ඩුව ජන මතයට මුහුණ දීමට ඇති බය නිසා මැතිවරණ මගහැර පළා යෑම සඳහා මෙම උගුල අටවන බවයි, හිටපු ඇමැතිවරයා ප්‍රකාශ කළේ.

ලෝකයේ අපිරිසිදුම පුද්ගලයා යැයි පැවසෙන ඉරානයේ අමාව් හාජි ගමේ ජනතාව විසින් නැහැවීම නිසා මරුමුවට පත්වූ බව මාධ්‍ය වාර්තා කළේ යැයි ද ඩලස් අලහප්පෙරුම සඳහන් කරයි.
හාජි නෑමට බිය සේ ම ආණ්ඩුව මැතිවරණවලට බිය බව සඳහන් කළ ඩලස් අලහප්පෙරුම, මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව සූදානම් වුවහොත් සියලු පක්ෂ සමග එකතු වී ආණ්ඩුව නහවන බව අවධාරණය කළේය.
හාජි නෑමට බිය සේ ම ආණ්ඩුව මැතිවරණවලට බිය බව සඳහන් කළ ඩලස් අලහප්පෙරුම, මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව සූදානම් වුවහොත් සියලු පක්ෂ සමග එකතු වී ආණ්ඩුව නහවන බව අවධාරණය කළේය.
ඉරානයේ හාජි නෑව්ව ගමන් මළා... අපි එකතු වෙලා ආණ්ඩුවත් නාවනවා – ඩලස්
2022-10-31T07:54:00+05:30
Gossip Lanka Hot News