ධම්මික පෙරේරාගේ දියණියට ලොකුම සමාගම් 10ක අධ්‍යක්ෂ තනතුරු!
පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස දිවුරුම් දීම සඳහා තම පාලනය යටතේ ඇති මෙරට ප්‍රධාන පෙළේ සමාගම් 10ක අධ්‍යක්ෂ ධුරවලින් ඉවත් වූ ධම්මික පෙරේරා සිය වැඩිමහල් දියණිය එම අධ්‍යක්ෂ ධුර සඳහා පත් කොට ඇත.
22 හැවිරිදි දෝන බ්‍රින්දිනී පෙරේරා ඊයේ (19) සිට මෙම තනතුරු සඳහා පත්තොට ඇති අතර මේ වනවිට ඒ බව කොළඹ කොටස් වෙළෙඳපොලටද නිල වශයෙන් දැනුම් දී ඇති බව ව්‍යාපාර ආරංචි මාර්ග පවසයි.
ධම්මික පෙර්රාගේ ප්‍රධානතම ආයෝජන ව්‍යාපාරය වන වැලිබල් වන්, හේලීස් පීඑල්සී, හේකාබ්, ඩිප්ප්ඩ් ප්‍රොඩක්ට්ස්, සිංගර් ශ්‍රි ලංකා, කිංග්ස්බරි හෝටලය, හේලීස් ලෙෂර්, හේලීස් ෆැබ්රික්, ලංකා වොල්ටයිල්ස්, ලංකා ටයිල්ස් සහ රෝයල් සෙරමික් යන ආයතනවලට ඇය මෙලෙස පත් කර ඇත.
මෙම අධ්‍යක්ෂ මණ්ඩලයට පත් වූ ලාබාලතම සාමාජිකාව වන බ්‍රින්දිනි පෙරේරා ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිධාරිනියකි.

- lankasara
ධම්මික පෙරේරාගේ දියණියට ලොකුම සමාගම් 10ක අධ්‍යක්ෂ තනතුරු!
2022-10-20T11:51:00+05:30
Gossip Lanka Hot News