gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අපි මහින්දයි පොහොට්ටුවයි එක්ක කිට්ටුවෙන් ඉන්නවා - චීනෙන් ප්‍රකාශයක්!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) සමඟ සබඳතා වැඩි දියුණු කර ගැනීමට අපේක්ෂා කරන බව චීනය පවසයි. 
චීන ජනතා පක්ෂයේ (CPC) මහලේකම්වරයා ලෙස නැවත තේරී පත් වූ චීන ජනාධිපති ෂී ජින් පිං මහතාට සුබපැතුම් පිරිනැමීමෙන් පසු ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ස්තූතිය පුද කළේය.

“හිටපු ජනාධිපතිතුමනි, චීන කොමියුනිස්ට් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර මිත්‍රත්වය සහ හුවමාරුව තවදුරටත් වැඩිදියුණු කිරීමට අපි බලාපොරොත්තු වෙමු,” චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කළේය.

ෂී ජින් පිං මහතා නැවත තේරී පත්වීමෙන් චීනයේ ජනතාව වෙනුවෙන් ඔහුගේ නායකත්වය සතු ශක්තිය සහ ධෛර්යය තහවුරු වී ඇති බව මහින්ද රාජපක්ෂ මහතා සුබපැතුම් පණිවුඩයක් නිකුත් කර තිබිණ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka