කාසල් වීදීයේ කාන්තා රෝහලට විදුලිබල මණ්ඩලය සහ ජලාපවහන මණ්ඩලය විසින් රතු නිවේදන නිකුත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි
මේ වන විට විදුලිබිල ලෙස මිලියන 18ක් සහ වතුර බිල ලෙස මිලියන 6ක මුදලක් ගෙවීමට ඇති බැවින් එම මුදල් වහාම ගෙවන මෙන් සඳහන් කරමින් මෙම රතුනිවේදන නිකුත් කර ඇතැයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
රතු නිවේදන නිකුත් කළද බිල් ගෙවීමට ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැති වීමෙන් බරපතල තත්ත්වන්ට ඉදිරි කාලයේදී මුහුණදීමට සිදුවනු ඇති බව එම ප්‍රකාශකයා පැවසීස.
ඖෂධ වල උග්‍ර හිගයක් ද මේ වන විට රෝහල් තුළ බවතින බැවින් ගර්භනී මව්වරුන්ට ගැටලුකාරීතත්ත්වයන්ට මුහුණ දීම වැලැක්විය නොහැකි බව ඔහු අවධාරණය කළේය.
කාසල් රෝහලට දෛනිකව මව්වරුන් 250ත් දෙනා පැමිණෙන අතර 300ත් දෙනා දෛනිකය නේවාසිකව ප්‍රතිකාර ලබන බවද ඔහු පැවසීය.
මීට දින දෙකකට පෙර විදුලි බල මණ්ඩලය විසින් ජාතික ළමා රෝහලේ විදුලිය නොදන්වා විසන්ධි කර තිබිණි.