අනුන්ගේ වාහන හොරට විකුණා කෝටි ගණන් වංචාකර සැඟවුන රෝහිතගේ ඥාතිපුතා සොයා පොලිස් පරීක්ෂණ අරඹෙයි..
අළෙවියෙන් පසු මුදල් දෙන බව පවසමින් වාහන ලබාගෙන රුපියල් කෝටි ගණනක මුදල් වංචා කර සැඟව සිටින හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ බෑණන්ඩිය යැයි කියන අයෙක් සොයා මහනුවර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ඔහු මහනුවර ප්‍රධාන පෙළේ වාහන අළෙවි සැල් හිමිකරුවෙකුගේ පුත්‍රයෙකි. චූදිත වංචාකරුගේ පියා වන වාහන අලෙවිසල් හිමිකරු ද මින් මාස දෙකකට පෙර වැඩි මිලට ඩීසල් අලෙවි කර ඉන්ධන ජාවාරම් කිරීමේ වරදට පොලිස් අත්අඩංගුවට පත් වී ඇතැයි වාර්තා වේ.
සිද්ධියට සම්බන්ධව මෙම සැකරුගේ ව්‍යාපාරික පියාගෙන්ද ප්‍රශ්න කර තබේ. ඔහු මහනුවර පොලිස් බල ප්‍රදේශයට අයත් මහයියාව ප්‍රදේශයේ කළක පටන් වාහන අලෙවිසලක් පවත්වාගෙන යන අයෙකි.
විකිණූ පසු මුදල් ගෙවන පදනමින් චූදිතයා රට පුරා විවිධ පුද්ගලයින්ගේ වාහන රැගෙන මෙසේ හොර රහසේ අලෙවි කර ඇතැයි පරීක්ෂණවල දී හෙළි වී තිබේ.
තම වාහනය අලෙවි කර මුදල් ලබා නුදුන් බව පවසමින් චූදිතයා සම්බන්ධව මුල්ම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලබන්නේ පොලොන්නරුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි.
මේ වන විට ඔහු ප්‍රදේශයෙන් පළාගොස් තිබෙන බව පොලීසිය පවසයි.
-උපුටාගැනීම lankasara
අනුන්ගේ වාහන හොරට විකුණා කෝටි ගණන් වංචාකර සැඟවුන රෝහිතගේ ඥාතිපුතා සොයා පොලිස් පරීක්ෂණ අරඹෙයි..
2022-10-18T21:30:00+05:30
Gossip Lanka Hot News





