ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා සමගි ජන බලවේගයේ බද්දේගම ආසනයේ ප්‍රධාන සංවිධායක බන්දුල ලාල් බණ්ඩාරිගොඩගේ නිවසට ඊයේ (21) අලුයම පැමිණි අයෙකු, හිටපු මන්ත්‍රීවරයාට බැණ මරණීය තර්ජනය කළ බවට ඔහු විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇතැයි නාගොඩ පොලිසිය පවසයි.
හිටපු මන්ත්‍රීවරයා උදෑසන මිදුල අතුගාමින් සිටියදී හිස්වැසුමක් පැළඳ පැමිණි අයකු පාරක් ඇසූ බවත්, පසුව ඔහු වැඩිය දඟලන්න එපා කියා මරණීය තර්ජනය කළ බවත් මන්ත්‍රිවරයා විසින් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
මේ පිළිබඳ හිටපු පාර්ලමේන්තු මන්ත්‍රී බන්දුල ලාල්ට බණ්ඩාරිගොඩගෙන් කළ විමසුමකදී ඔහු මෙසේ කිවේය.
‘අළුයම 4ට පමණ අවදිවෙලා මිදුල අතුපතු ගාලා ආගමික කටයුතු කිරීම මා පුරුද්දක් වශයෙන් කරණවා. අද අළුයම හිස්වැසුමක් දමාගත්තු රැවුල හා කොණ්ඩය වවලා හිටපු අයෙක් මාගේ නිවසට පැමිණියා. පාරක් අහන්න ආවේ කියලා ඔහු කිවා. මා ඇසුවා කොහෙද කියලා. ඒ සමග වැඩිය දඟලන්න එපා මරණවා කියලා ඔහු මට තර්ජනය කළා. යතුරුපැදිය මාර්ගයේ නතර කරලා තිබුණේ. ඒ සමග ඔහු පලාගියා…’
නාගොඩ පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධව විමර්ශන සිදුකරනු ලබයි.
lankasara