gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

‘හරේෂ් මල්ලි බහිද්දිම එයාව ඇදලා අරගෙන පිස්ටල් එක තද කළා. එතකොට තමා පිස්ටල් එක පත්තු වුණේ. ඊට පස්සේ හරේෂ් මල්ලි ඇතුළට වැටුණා. මම උස්සලා පොලිස් වීල් එක ඇතුළට දැම්මා..! තිහගොඩ සිසුවාගේ ඔළුවට වෙඩි තැබීමේ සිද්ධියේ ඇසින් දුටු සාක්ෂියක් එළියට එයි! (VIDEO)

මාතර තිහගොඩ, මිදෙල්ලවල ප්‍රදේශයේදී පොලිස් ගිනිඅවියක් ක්‍රියාත්මක වී තුවාල සිදුවූ දරුවාගේ තත්ත්වය රෝහල්ගත කරන විට සිටි තත්ත්වයට වඩා යහපත් බව රෝහල් ආරංචි මාර්ග පවසයි. 
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ත්‍රීරෝද රථයේ ගමන් කළ තවත් දරුවෙකු සඳහන් කළේ මෙවැන්නකි.

“පොලීසිය එනවා දැක්කා.. අපි තැනක නවත්තලා මොණර පිහාටු තියෙනවා ද බැලුවා. ඊට පස්සේ අයෙත් ත්‍රීරෝද රථයට නගින්න යද්දිම පොලීසිය ඇවිල්ලා බැස්සුවා. අපි බහිනවාත් එක්කම පොලීසිය ඇවිල්ලා බැහැපල්ලා බැහැපල්ලා කිව්වා. අපි සේරම බැහැලා.. හරේෂ් මල්ලි බහිද්දිම.. එයා අන්තිමට බහින්න හිටියේ, එයාව ඇදලා අරගෙන පිස්ටල් එක තද කළා. එතකොට තමා පිස්ටල් එක පත්තු වුණේ. ඊට පස්සේ හරේෂ් මල්ලි ඇතුළට වැටුණා. මම උස්සලා පොලිස් වීල් එක ඇතුලට දැම්මා ඊට පස්සේ එයාලා ඇවිල්ලා එක්කරගෙන ගියා මාතර රෝහලට.”


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka