බටහිරත් නෑ! යුරෝපයත් නෑ! මැදපෙරදිගත් නෑ! අසල්වැසියොත් නෑ! වැඩිම වුණොත් ජන්ද 6යි! එක පාරක් ජන්දය දිනපු ලංකාව මේ පාර ජිනීවාවලදී අන්ත පරාජයකට ලක්වන ලකුණු!
ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාව පරාජය කිරීමේ හැකියාව කිසිසේත්ම ශ්‍රී ලංකාවට නැති බව වාර්තා වේ. නවතම අනුමානයන්ට අනුව යෝජනාවට එරෙහිව එනම් ලංකාවට පක්ෂව ඡන්දය දෙනු ඇත්තේ රටවල් හයක් පමණක් බව අනාවරණය වේ.
ලංකාවට එරෙහිව යෝජනාව සදහා සම අනුග්‍රාහකත්වය සපයනු ලබන්නේ ඇමරිකා එක්සත් ජනපදය – එක්සත් රාජධානිය – කැනඩාව -ජර්මනිය – මලාවි – මොන්ටිනීග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාවයි.
සාම්ප්‍රදායකිව ලංකාවට පක්ෂව ඡන්දය දුන් රුසියාව සහ බංග්ලාදේශය යන රටවල් සදහා මෙවර ඡන්ද බලය අහිමි වී තිබේ.
ඉන්දියාව සහ නේපාලය ඡන්දය දීමෙන් වැළකී සිටීමට තීරණය කර තිබෙන පැවසේ.
එසේම ලංකාවට පක්ෂව ඡන්දය දුන් මැදපෙරදිග රටවල් ද මෙවර ඡන්දය දීමෙන් වැළකී සිටීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ලංකාවට එරෙහිව යෝජනාව ඔක්තෝබර් හය හෝ හත ඡන්ද විමසීම සදහා ඉදිරිපත් කිරීමට නියමිත ය.
විදේශකටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා මේ වන විටත් ජිනීවා බලා ගොස් තිබේ.
බටහිරත් නෑ! යුරෝපයත් නෑ! මැදපෙරදිගත් නෑ! අසල්වැසියොත් නෑ! වැඩිම වුණොත් ජන්ද 6යි! එක පාරක් ජන්දය දිනපු ලංකාව මේ පාර ජිනීවාවලදී අන්ත පරාජයකට ලක්වන ලකුණු!
2022-10-03T14:38:00+05:30
Gossip Lanka Hot News






