gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පහුගිය ආණ්ඩු දෙක ජනපති කොමිසම්වලට මිලියන 504ක් බෙදලා!

පසුගිය වසර අටක කාලය තුළ පත්වූ රජයන් දෙක විසින් පත්කළ විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා දහයක් වෙනුවෙන් රුපියල් මිලියන 504කට ආසන්න මුදලක් වැය කර ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයට කරන ලද අයදුම්පතක් මගින් අනාවරණය වී තිබේ.

ඒ අතරින් එක් වසරක් තුළ වැඩිම මුදල් වැය කර ඇත්තේ පසුගිය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදීය. 

2020 වසරේදී එම රජය විසින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වෙනුවෙන් රුපියල් මිලියන 120ක් වැය කර ඇති බව පැවසේ.

2015 මාර්තු 3 සහ මේ වසරේ ජූනි 30 අතර විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වෙනුවෙන් මුදල් ලබා දී ඇත්තේ ඒකාබද්ධ අරමුදලෙනි. 

පසුගිය වසරේ පත්කළ කොමිෂන් සභා තවමත් ක්‍රියාත්මකය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2020 සහ 2021 අතර කාලය තුළ කොමිෂසන් සභා පහක් පත්කර ඇති අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 337 කි.

2015 වසරේදී පැත්වු යහපාලනය රජය සිය පස් වසරක කාලය තුළදී ජනාධිපති කොමිෂන් සභා වෙනුවෙන් රුපියල් මිලියන 254 ක් වැය කර තිබේ.

මූලාශ්‍රය - ද සන්ඩේ ටයිම්ස්
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka