gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හදිසි ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේදී පොහොට්ටුවේ මන්ත්‍රීවරු 22ට විරුද්ධ වෙයි! ජනාධිපතිට වහාම රැස්වීමට එන්න කියයි! විජයදාස ආවේ නෑ!

අද පෙරවරුවේ ආරම්භ වූ ආණ්ඩු පක්ෂයේ හදිසි මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වූ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 22 වන සංශෝධනයට සිය විරෝධය පළ කොට ඇති බව වාර්තා වේ.

මෙම රැස්වීමට පොහොට්ටු මන්ත්‍රීවරුන් 60කට ආසන්න පිරිසක් සහභාගී වී සිට ඇත.

එමෙන්ම ඊට ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයකු ලෙස මහාචාර්ය අශූ මාරසිංහ මහතා සහභාගී වී තිබේ.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා අශූ මාරසිංහ මහතාට දැනුම් දී ඇත්තේ 22 වන සංශෝධනයට ඇති මන්ත්‍රීවරුන්ගේ විරෝධය ජනාධිපතිවරයා වෙත දැනුම් දෙන ලෙසය.

මෙහිදී මාරසිංහ මහතා කියා ඇත්තේ මේ වනවිටත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ඉහළ මාලයේ රැදී සිටින බවය.

එසේ නම් වහාම කණ්ඩායම් රැස්වීමට පැමිණෙන ලෙස ජනාධිපතිවරයාට දැනුම් දෙන ලෙස මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී ඇත.

කෙසේවෙතත් අප පළමුව අනාවරණය කළ පරිදිම අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහභාගී වී නැත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka