22ට සහාය දෙන්න සජබෙන් කොන්දේසි 3ක්!
22 වන සංශෝධනයට සහාය ලබා දීම සදහා කොන්දේසි 3ක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය පියවර ගෙන ඇත. එම කොන්දේසි අතරින් පළමු කොන්දේසිය වී ඇත්තේ 19 වන සංශෝධනයේ තිබූ ද්විත්ව පුරවැසිභාවය ඇති පුද්ගලයන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විය නොහැකි බවට වූ වගන්තිය 22 වන සංශෝධනයට ඇතුළත් වීමය.
දෙවන කොන්දේසිය වී ඇත්තේ පාර්ලිමේන්තුව වසර දෙකහමාරකින් විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ඇති බලතල ඒ අයුරින්ම 22 වන ව්‍යවස්ා සංශෝධනයට ඇතුළත් කිරීමය.
තුන්වන කොන්දේසිය වී ඇත්තේ ව්‍යවස්ථාදායක සභාවට නියෝජිතයන් පත් කිරීමේදී 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ තිබූ පරිදිම ජනාධිපතිවරයාට සහ විපක්ෂනායකවරයාට තිබූ බලතල ඒ අයුරින්ම පැවතීමය.
මෙම කොන්දේසි තුනට එකග වන්නේ නම් පමණක් සමගි ජන බලවේගය 22 වන සංශෝධනයට සහාය පළ කිරීමට තීරණය කොට ඇත.
කෙසේවෙතත් මේ වනවිට පොහොට්ටුවද 22 වන සංශෝධනයට සහාය පළ කිරීමට නම් ඊට ඇතුළත් විය යුතු කොන්දේසි 2ක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කොට තිබේ.
ඉන් පළමුවැන්න වී ඇත්තේ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමේ හැකියාව පැවතීමය.
දෙවන කොන්දේසිය වී ඇත්තේ වසර හතරහමාරක් යන තුරු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි බවට වූ වගන්තියක් ඇතුළත් කිරීමය.
22ට සහාය දෙන්න සජබෙන් කොන්දේසි 3ක්!
2022-10-19T11:07:00+05:30
Gossip Lanka Hot News





