සමෘද්ධි ලාභීන් ඇතුළුව රටේ අඩු ආදායම්ලාභී පවුල් සහ පුද්ගල ඒකක ලක්ෂ 43කට දුරකතන යෙදවුමක් මගින් ලියාපදිංචිකර රුපියල් 5000 බැගින් මාසිකව ලබාදෙන නවතම සුභසාධන වැඩසටහනක් (පැකේජයක්) ආරම්භ කිරීමට රජය සූදානම් වේ.
මෙතෙක් කලක් රාජ්‍ය නිලධාරීන් මගින් සුදුස්සන් තෝරා ගැනීම නිසා දේශපාලන බලපෑම් එල්ල වීම හේතුවෙන් ලෝක බැංකුව මහ බැංකුව සමග එක්ව සෘජුවම දරිද්‍රතාවෙන් පෙලෙන පුද්ගලයන් හා පවුල් තෝරා ගැනීමට සැලසුම් කර ඇත.
රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවන්ට පත්ව සිටින ආධාර ලැබිය යුතු ජන කොටස් වෙනුවෙන් තවත් ආරක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවට වන අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නිර්දේශය පරිදි ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන සඳහා ආධාර සපයනු ලබන්නේ ලෝක බැංකුව වෙතිනි.
ඒ අනුව දැනට සමෘද්ධි ප්‍රතිලාභය ලබන ලක්ෂ 17ක ප්‍රජාවට අමතරව සමෘද්ධි සහනාධාරය අපේක්ෂාවෙන් පසුවන පුද්ගලයන් සහ පවුල්, වැඩිහිටි, වකුගඩුරෝගීන් සහ ආබාධිත යන ජන කොටස්ද මෙම නව සහන පැකේජයට ඇතුළත් වේ. ඊට අමතරව වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ දුගීභාවයට පත්ව සිටින බවට හඳුනාගෙන ඇති තවත් පවුල් සහ පුද්ගලයන් ලක්ෂ හයකටද මෙහි දී ප්‍රතිලාභ හිමිවනු ඇත. මෙම සහනාධාර පැකේජය වසර දෙකක කාලයක් ක්‍රියාත්මක කිරීමට මූලික අදියරේදී රජය සැලසුම් කර ඇත.
මෙම සහනාධාර පැකේජය පිළිබඳව අදහස් පළකළ මුදල් අමාත්‍යාංශ නිලධාරියකු සඳහන් කළේ ‘‘මූල්‍ය අරමුදලෙන් ඉදිරිපත් වන චෝදනාවක් තමයි මෙතෙක් රටේ සහනාධාර බෙදීමේදී විනිවිදභාවයක් තිබුණේ නැහැ කියන එක. ඒ නිසා මේ නව වැඩසටහනේ දී අපි මොබයිල් ඇප් එකක් (ජංගම දුරකතන යෙදුමක්) හඳුන්වා දෙන බවය.
– Aruna