gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විදුලි බිලට එරෙහි වීදි සටන ඇරඹෙයි! සියලු ආගමික නායකයන් පිරිවරා සෝභිත හිමි අඟහරුවාදා පාරට බහී! කංචනව හම්බවෙන්නත් සූදානමින්!

ආගමික සිද්ධස්ථානවලට බලපා ඇති අසාධාරණ විදුලි බිලට සහනයක් ලබාදෙන ලෙස සහ ජීවන බරින් මිරිකී සිටින ජනතාවට විදුලි බිල නමැති පොල්ලෙන් පහරදීම නවතා දමන ලෙස ඉල්ලමින් සිදුකෙරෙන උද්ඝෝෂණයක් ලබන 20 වැනිදා කොළඹ කොටුවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවැසූහ.

එම උද්ඝෝෂණයට සියලු ආගමික නායකයන් නියෝජනය කරමින් පූජ්‍ය සහ පූජක පක්ෂය සහභාගි වන අතර, 21 වැනිදා ආගමික නියෝජිත පිරිසක් විදුලි බිල සාධාරණ ලෙස සකස් කරන ලෙස ඉල්ලා විදුලිබල අමාත්‍යවරයාට සංදේශයක් භාරදෙන බවද සෝභිත හිමියෝ සඳහන් කළහ.

දේශපාලනඥයන්ගේ වැරැදි නිසා විදුලි බිලෙන් පවා වන්දි ගෙවීමට සිදුව ඇත්තේ ආගමික ස්ථානවලට සහ දුප්පත් ජනතාවට මෙන්ම කුඩා පරිමාණ ව්‍යාපාරවල යෙදී සිටින පුද්ගලයන්ට බවයි උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

-මව්රට


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka