ආණ්ඩු පක්ෂයේ සිට ස්වාධීන වූ විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල ඇතුලු පක්ෂ 10 දහයේ සන්ධානය උත්තර ලංකා සභාගය ලෙසින් අද ප්‍රකාශයට පත් කරනු ලැබුවේය.
මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේදි එලි දැක්වුණු එම සභාගයේ සභාපතිවරයා වූයේ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශය.
එහි ලේකම් ධුරයට විශේෂඥ වෛද්‍ය ජි. වීරසිංහත් අනුශාසක ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියනුත් තෝරාගෙන තිබුණහ.
සභාගයේ ජාතික සංවිධායකවරවයා වාසුදේව නානායක්කාරය. පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සහ මහාචාර්ය තිස්ස විතාරණ මෙහි නියෝජ්‍ය සභාපතිධූරයන් ලෙස ප් විය. පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග සභාගයේ නියෝජ්‍ය ලේකම්ය. .
මෙම නව සභාගයට ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, යුතුකම ජාතික සංවිධානය සහ විජය ධරණී ජාතික සභාව ඇතුළු පක්ෂ එක්ව ඇත.
