ඇමැති ප්‍රසන්නගේ පුතා සිසුවාට පහර දෙන CCTV එළියට එයි! පුතා ගහන්න ගිහින් තියෙන්නේ අමාත්‍යංශ වාහනයකින්! ගහලා ගහලා සිසුවාව බිම දිගේ ඇදගෙනත් ගිහින්!
කිරිබත්ගොඩ ප්‍රදේශයේදී රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ පුත්‍රයා ඇතුළු පිරිසක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී පාසල් දෙදෙනෙකුට පහරදීම සිදුකළ අවස්ථාවේ CCTV දර්ශන පෙළක් මාධ්‍ය වෙත නිකුත් වී ඇත.
අදාළ CCTV දර්ශනවල රතු පැහැති තොප්පියක් පැලඳ සිටින්නේ රාජ්‍ය ඇමතිවරයාගේ පුත්‍රයාය.
එහිදී අදාළ පහරකෑමට ලක්වූ පාසල් සිසුවෙකු බිම ඇදගෙන යන අයුරුද එම CCTV දර්ශනවල පටිගතව ඇත.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික උපකාරක පන්තියක් ඉදිරිපිටදී පසුගිය 26 වනදා මෙම පහරදීම සිදුව ඇත.
ගැටුම අතරතුර පොලිස් හදිසි ඇමතුම් අංකයට ප්‍රදේශවාසීන් ලබාදුන් ඇමතුමකට අනුව එම ස්ථානයට පැමිණි කිරිබත්ගොඩ පොලිසිය රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රායා අතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පහර කෑ පාසල් සිසුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට සහ කිරිබත්ගොඩ රෝහල වෙත ඇතුළත් කළ බව පොලිසිය පැවසීය.
ඔවුන් මාකොල සහ කැලණිය යන ප්‍රදේශවල පදිංචි 17 හැවිරිදි සිසුන් දෙදෙනෙකි.
අත්අඩංගුවට පත් සැකකරුවන් පොලිසියට පවසා ඇත්තේ රාජ්‍ය ඇමති පුත්‍රයාගේ මිතුරෙකුගේ පෙම්වතියකට,අදාළ සිසුන් දෙනොගෙන් අයෙක් පෙම් හසුනක් දීමේ සිද්ධියක් පහරදීමට හේතු වී ඇති බවය.
පහරදීම සඳහා රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා පැමිණ ඇත්තේ ටොයෝටා 141 (වන් ෆෝ වන්) වර්ගයේ කළු පැහැති WP KX 8472 අංක දරන මෝටර් රථයකින් වන අතර එය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා යටතේ ලියාපදිංචි කළ මෝටර් රථයක් බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසීය.
තුවාල ලැබූ සිසුන් ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර අත්අඩංගුවට පත් සැකකරුවන් පස් දෙනා ද කිරිබත්ගොඩ පොලිසිය විසින් එදිනම පොලිස් ඇප මත මුදාහැරුණි.
ඔවුන් ඉදිරි දිනකදී පොලිසිය වෙත කැඳවා සමත මණ්ඩලයට යොමුකරන බවයි පොලිසිය සඳහන් කළේය.
එහිදී අදාළ පහරකෑමට ලක්වූ පාසල් සිසුවෙකු බිම ඇදගෙන යන අයුරුද එම CCTV දර්ශනවල පටිගතව ඇත.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික උපකාරක පන්තියක් ඉදිරිපිටදී පසුගිය 26 වනදා මෙම පහරදීම සිදුව ඇත.
ගැටුම අතරතුර පොලිස් හදිසි ඇමතුම් අංකයට ප්‍රදේශවාසීන් ලබාදුන් ඇමතුමකට අනුව එම ස්ථානයට පැමිණි කිරිබත්ගොඩ පොලිසිය රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රායා අතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පහර කෑ පාසල් සිසුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට සහ කිරිබත්ගොඩ රෝහල වෙත ඇතුළත් කළ බව පොලිසිය පැවසීය.
ඔවුන් මාකොල සහ කැලණිය යන ප්‍රදේශවල පදිංචි 17 හැවිරිදි සිසුන් දෙදෙනෙකි.
අත්අඩංගුවට පත් සැකකරුවන් පොලිසියට පවසා ඇත්තේ රාජ්‍ය ඇමති පුත්‍රයාගේ මිතුරෙකුගේ පෙම්වතියකට,අදාළ සිසුන් දෙනොගෙන් අයෙක් පෙම් හසුනක් දීමේ සිද්ධියක් පහරදීමට හේතු වී ඇති බවය.
පහරදීම සඳහා රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා පැමිණ ඇත්තේ ටොයෝටා 141 (වන් ෆෝ වන්) වර්ගයේ කළු පැහැති WP KX 8472 අංක දරන මෝටර් රථයකින් වන අතර එය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා යටතේ ලියාපදිංචි කළ මෝටර් රථයක් බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසීය.
තුවාල ලැබූ සිසුන් ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර අත්අඩංගුවට පත් සැකකරුවන් පස් දෙනා ද කිරිබත්ගොඩ පොලිසිය විසින් එදිනම පොලිස් ඇප මත මුදාහැරුණි.
ඔවුන් ඉදිරි දිනකදී පොලිසිය වෙත කැඳවා සමත මණ්ඩලයට යොමුකරන බවයි පොලිසිය සඳහන් කළේය.
ඇමැති ප්‍රසන්නගේ පුතා සිසුවාට පහර දෙන CCTV එළියට එයි! පුතා ගහන්න ගිහින් තියෙන්නේ අමාත්‍යංශ වාහනයකින්! ගහලා ගහලා සිසුවාව බිම දිගේ ඇදගෙනත් ගිහින්!
2022-09-28T21:45:00+05:30
Gossip Lanka Hot News