gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මැයි 09 දේශපාලක ගෙවල් පුච්චද්දී හමුදාව පොලිසිය කල දේ සෙවූ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉල්ලයි

2022 මැයි 9 වැනි දා දේශපාලනඥයින්ගේ නිවාස හා ඔවුන්ගේ පෞද්ගලික දේපල ඉලක්ක කර එල්ල වූ ප්‍රහාර වලක්වා ගැනීම සදහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ නිසි පරිදි ක්‍රියාත්මක වූවාද සහ එම ප්‍රහාර වලක්වා ගැනීමට කටයුතු කලාදැයි සොයා බැලීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කෙරුණි .

මෙහිදී මන්ත්‍රීවරුන් පවසා සිටියේ මෙම ප්‍රහාර වලක්වා ගැනීමට තිබූ බවයි.

එම කමිටුවේ සභාපති ලෙස හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාත් අනෙකුත් සාමාජිකයන් ලෙස හිටපු යුදහමුදාපති ජෙනරාල් දයා රත්නායක සහ හිටපු ගුවන් හමුදාපති මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා කටයුතු කර ඇත.

එම කමිටු වාර්ථාව කඩිනමින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඉල්ලීම් කර ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි.

– Repoter


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka